𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 02

207 24 3
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 02]

____________🤎____________

[Previous Episode 01]

"..ඒත් ඇයි අපි එතනම හම්බවෙන්නේ.. අපි වෙන තැනක හම්බවෙමුකෝ.."

කටත් හද හද ශෙන්ග් කි⁣ව්වේ කොල්ලගේ පිටට තද වෙලා තිබ්බ අතේ ග්‍රහණය ටිකක් තද වෙද්දි.

"..එතන නිදහස්නේ ⁣බේබි.."

"..ඕකේ මම එන්නම් ඉතින්.."

ශෙන්ග්ට දැණුනේ ඒ තුරුල් වෙලා ඉන්න පපුව හයියෙන් ගැහෙනවා.
'මට තියන ආදරේට'

කොල්ලා තනියම හිතුවේ ඒ පපුවට තව ටිකක් තුරුල් වෙලා.

____________♡🍁♡____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

[FLASHBACK CONTINUES]

කැඩි කැඩී ඇහුණ කටහඬවලුත් එක්ක අයිවන් කෙඳිරි ගාගෙන ඇහැරුනේ ඔළුව පිටිපස්ස අතගාගන්න ගමන්. තඩි පොල්ලකින් කවුරුහරි ගැහුවා වගේ කැක්කුමක් අයිවන්ට ඔළුව පිටිපස්සෙන් දැණුනේ. අරස් දෙක අරින්න හැදුවත් අයිවන් ආපහු ඇස් දෙක පියාගත්තේ ඇස් නිලංකාර වෙලා යන එළියක් හින්දා. දැඩි රස්නයක් දැණුන හින්දා අයිවන් ඇස් දෙක කවර් කරගෙන සම්පුර්ණයෙන් ඇස් දෙක ඇරියේ හිමින් සැරේ. ඒ ඉන්න විදිහටම අයිවන් වටපිට බැලුවේ කොහෙද මේ ඉන්නේ කියලා.

කොල්ලට මතක අන්තිමට එලොන්ව බදාගත්තා විතරයි. එතනින් එහාට මොකද වුනේ කියලා කිසිම මතකයක් නෑ.

අයිවන්ට ටිකක් එහායින් තිබ්බේ ලොකු ස්කුල් එකක ගේට් එකක්. අයිවන් වැටිලා හිටියේ ඒ ඉස්සරහම වගේ තිබ්බ ලොකු ගහක් යට.
කොල්ලා ඇඟේ තිබ්බ දූවිලි ගසාගෙන නැගිට්ටේ මේ ඉන්නේ මොන දේවාලෙකද කියලා හිතන ගමන්. ලාවට ඔළුව පිටිපස්සෙන් එන කැක්කුම ගණන් ගන්නේ නැතුව අයිවන් ඇවිදන් ගියේ ස්කූල් එක පැත්තට.

ඒත් අයිවන් ගේට් එක ලගට යන්න කලින් කොල්ලට ඇහුණේ කටහඬක්.

"..ශෙන්ග්!!!!!.."

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now