~ දහසයවෙනි පරිච්ඡේදය ~

712 111 85
                                    

වේගෙන් රේස් කරන් ආපු බයික් එකක් ක්ලබ් එකක් ගාව නතර කරපු පාර ආපු මනුස්සයගෙ හිතේ තිබ්බ ආවෙගෙ වටපිටාවෙ හිටපු මිනිස්සුන්නටත් හොදටම පැහැදිලිව තේරුම් ගියේ දාගෙනහිටපු හෙල්මට් එකත් දඩාස් ගාලා පොළවෙ ගහලා ක්ලබ් එක ඇතුළට ගියපු නිසා.

ක්ලබ් එක ඇතුළට ගියපු මනුස්සයා වටේම ඉන්න මිනිස්සු අතරින් හෙව්වෙ එක රූපයක් වුනත් ඒ රූපෙ ඇස් වලට අහුවෙන්න ටික වෙලාවක් ගියා.

ටේබල් එකක ඉදන් පාඩුවෙ වයින් එකක් හිස් කරන ගමන් හිටපු මනුස්සයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු මේ කෙනා අතත් මිටිමොලවගෙන සරාගී සංගීතයකට ඇලිලා වෙලිලා නටන ගෑණු පිරිමි තල්ලු කරගෙන ගියේ හිතේ තිබ්බ ආවෙගෙ කෙලින්ම අර මනුස්සයගෙ මූනෙ පැත්තකින් සටහන් වෙන ගමන්.

"උබට කොහෙන් ආපු හයියක්ද යකෝ ලෙඩ ඇදේ හිටපු එකාව උස්සන්න .."

එකපාරට මූණ හරහා වැදුනු පාර නිසා කටකොනකින් හිනාවෙන ගමන් තොල පැලිලා එන ලේ වැලමිටින් පිහදගත්ත ඒ මනුස්සයා තමන්ට ගහපු මනුස්සයා දිහාට හැරුනෙ පුදුම නිශ්ශබ්දකමකින්.

එකපාරට මූණ හරහා වැදුනු පාර නිසා කටකොනකින් හිනාවෙන ගමන් තොල පැලිලා එන ලේ වැලමිටින් පිහදගත්ත ඒ මනුස්සයා තමන්ට ගහපු මනුස්සයා දිහාට හැරුනෙ පුදුම නිශ්ශබ්දකමකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Tsk ..උබට කොච්චර කිව්වත් අහන පුරුද්දක් නෑ නේද..?"

"නෑ යකෝ නෑ තොට ඕන්නම් මටත් පුළුවන් දෙයක් කරපන් හැබැයි මතක තියාගනින් මන් සේමිය නෙවෙයි."

සිහිනගෙ කෑගැහිල්ල මුලු ක්ලබ් එකම ආක්‍රමණය කරලා තිබ්බ නිසාත් ෆේමස් බිස්නස්මන් කෙනෙක්ට බනින එක වෙන නිසාත් කර කර හිටපු හැම මගුලම නවත්තලා ඔක්කොම උන් බලන් හිටියෙ මේ ඩ්‍රාමා එක දිහා.

"ඕනි දෙයක් නේද..ම්ම්ම්?"

ඉදන් හිටපු තැනින් නැගිටපු රකීශ් සිහිනගෙ මූන ගාවටම ඇවිත් මෙච්චර වෙලාම තොල් අතරෙ තිබ්බ සිගරට් එකේ දුම් වලාවක් සිහිනගෙ මූනටම පිම්බෙ සිහින කහින ගමන් අතින් මූන කවර් කරගද්දි..ඒ එක්කම වටේ හිටපු මිනිස්සු ටිකක් සිහිනගෙ ඔලුවට කලු පාට බෑග් එකක් දැම්මෙ වෙන සිහියක හිටපු නිසාම එකපාරට වුන දේට රිඇක්ශන් එකක් දෙන්න සිහිනට බැරි වෙද්දී .











අවසන් සටන 🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now