~ අටවෙනි පරිච්ඡේදය ~

839 130 37
                                    


උඩරට මැණිකෙ අද ඕනෙවටත් වඩා ලස්සන වෙලා.පුරුදු පෙරහැර මංගල්‍යය ළං වෙන කොට කාට කාටත් හොරෙන් උඩරට මැණිකෙ ලස්සන වෙන්නෙ සුවහසක් නුවරවාසින්ට ඇසළ මංගල්‍යය දන්වන්න වගෙයි.

සන්තාන සුසුම් දවටා..
හන්තාන සුළග හැමුවා..
මන් ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ...ගැලුවා..//

බ්ලූටූත් එකෙන් ඒ අතරෙ වෙනමම මාතෘකාවක් මතක් කරගෙන ඔහේ හූල්ලනවා.

හ්ම්ම්..ගංගාව ඔහේ ගලන් ගියා.
නවතින්න බැරි කමටම ඔහේ ගලන් ගියා.
අනේ මහවැලිය උඹත් අපි නොදන්නවා වුනාට කොච්චර නම් දුක් හංගගෙන නිහඩව ඇතිද ඔහොම.මගෙත් දුක නිවා ගන්න උඹ ගාවට ඇවිත් හැංගිලා යන්න හිතුන වාර අනන්ත වුනාට.අර අහින්සක අම්මගෙයි අප්පච්චිගෙයි මූනු මතක් වෙන වාරයක් ගානෙම ඒ අදහස පෑල දොරෙන් එලිබැහැලා යන්නෙ මටත් රිද්දගෙනම.

ඇයි දළදා හාමුදුරුවොන්ටවත් අපේ දුක ඇහෙන්නැත්තෙ දෙවියනෙ..
ඒකටත් පින් මදි වුනාද..

උදේ පාන්දර හතයි වෙලාව.
සිහිනට උදේම බොරුවක් කියලා හොස්ටල් එකෙන් ආව මන් මේ ගමන යන්නෙ මගේ හීනෙ විනාස කරලා දායි කියන බයටමයි.

අහේතුකවම කඩන් වැටුන කදුලු බින්දු කීපයක් කම්මුල් දෙකත් පිහගෙන පහළට රූටගෙන වැටෙද්දි ෆෝන් එක වයිබ්‍රේට් වුන සද්දෙත් එක්ක එක අතකින් කදුලු පිහදගත්ත මන් අනිත් අතින් ෆෝන් එක අරගෙන ආන්සර් කරේ කවුද කියලවත් නොබලා.

"ආ ගස්බල්ලා තෝ හිතුවද මාව අන්දලා කොටුපනින්න."

"සි ..සිහින.."

"ඔව් ඔව් මේ සිහින සතීශ්වර රණසිංහ කතා කතා කරන්නෙ."

"සිහින අහන්න ම..."

"නෑ නෑ උබ මේ දැන්ම හොස්ටල් එකේ ඉන්න ඕනි මන් උබට මේ හොදින් කියන්නෙ සේමිය."

"සිහින උබ දන්නැහැ ."

"අනේ මේ බන් උබට ඔච්චර ජොබ් එකකුත් මන් හොයලා දෙන්න උදවු කරේ මේකටද?"

"උබ මොකක් ගැනද කියන්නෙ?"

"නෑ මන් මේවා විශ්වාස කරන්නැහැ තමා ඒත් මට අවුල් මචන්.'

අවසන් සටන 🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now