~ දහවෙනි පරිච්ඡේදය ~

853 130 51
                                    


"සිහින පොඩ්ඩක් අහන්න මන් කියන දේ .."

"මට ඇත්ත තේරුම් කරපු එකට උබට තෑන්ක්ස් සේමිය."

"අහන්න සිහින මන්.."

"ඇති බන්.මට උබේ බොරු අහන්න වෙලාවක් නැහැ මන් යනවා."

සිහින යන දිහා හිස් බැල්මෙන් බලන් හිටපු සේමිය දොරට පිටුපාලා එහෙමම බිම ඉදගත්තෙ ලොකු කදුලු බින්දු දෙක තුනක් අවසරයකින් තොරවම පොලවට වැටෙද්දී .

යුගාර්ය්‍යගෙ ගෙදර ඉදන් එහෙම්මොම  හොස්ටල් එකට ආපු සේමිය දැක්කෙ ඔක්කොම බඩු ලෑස්තිකරගෙන ට්‍රැවලින් බෑග් එකත් වහන ගමන් ඉන්න සිහිනව.
සේමියව දැක්ක විතරයි ඔක්කොම බඩු ටික උස්සගෙන සේමියවත් පහු කරන් හොස්ටල් එකෙන් එලියට ගියේ සේමිය කියපු කිසිම දෙයක් අහන්නැතුව.
සිහින නුවර කෙනෙක් නිසා ඕනිම වෙලාවක ගෙදර යන්න එන්න පුළුවන් වුනත් සේමිය හොස්ටල් එකේ ඉන්න නිසා සිහිනත් නතර වුනේ සේමියගෙ තනියටත් එක්ක.

ඒත් දැන් ..
සේමියට දැනුනෙ ලොකු තනිකමක්.
හැමෝම ප්‍රතික්ෂේප කරද්දී අවසානෙ දුකක් කියලා අඩන්න හිත හදන්න හිටපු යාලුවත් තමන්ව දාලා ගියාම දැනෙන කාලකණ්ණි හැගීමෙන් සේමියත් හිටියෙ හොදටම ඔත්පල වෙලා.

"මේ ඔක්කොටම හේතුව යුගාර්ය්‍ය.."
"උබ ඇයි මගෙ ජීවිතේට ආවෙ?"
"හේතුවක් නැතුව මට වද දෙන්නෙ ඇයි?"
"මගෙන් පළිගන්නද?"
"ඒත් මොකටද?"
"නැත්නම් උබට ඕනි මාව විනාස කරන්නද?"

උත්තර නැති ප්‍රශ්න තමන්ගෙම අහගත්තත් පිළිතුරක් නම් පේන මානෙකවත් තිබ්බෙ නෑ.
























































"මේ දොර ඇරපන් යකෝ.."

දහවෙනි පාරටත් දොරට සද්දෙට ගහලා කෑ ගහපු යුගාර්ය්‍ය දොරේ හැන්ඩ් එකට ගහද්දි එහාපැත්තෙන් ඇහුන' ටකස් ' ගාන සද්දෙත් එක්ක දොර ඇරුනා.

"මොන හු## යකෝ තොපි මෙච්චර වෙලා..."

දොර ඇරපු එකාට බනින්න ගියත් හිටපු මනුස්සයා දැකලා කටවහගෙන පහළට යන්න ගියේ ඒ කෙනාගෙ උරහිසෙත් වැදීගෙන.

"ඔහොම නවතිනවා."

"........"

"යුගාර්ය්‍ය මන් තමුන්ට කතා කරේ .."

අවසන් සටන 🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Où les histoires vivent. Découvrez maintenant