~ පස්වැනි පරිච්ඡේදය ~

942 144 37
                                    


සති දෙකකට පසු,

සිහිනගෙ කටේ බලේටම ඩ්‍රෙස් පොයින්ට් එකක ජොබ් එකක් හොයාගන්න ගියපු සේමිය හිතුව නැති විදිහට ජොබ් එක හම්බුනා.හැබැයි ඉතින් කොච්චර කොලිෆිකේශන් තිබ්බත් නෝමලි ජොබ් එකක් තමයි හම්බුනෙ.

සති දෙකක් කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා.fourth floor එකේ denim section එකට වැටුන සේමිය තමන්ගෙ ජොබ් එක කරන් ගියෙ හරි ආසාවෙන් friendly කෙනෙක් නිසාම ප්‍රශ්න දාගන්නැතුව අනිත් අය එක්ක ශේප් එකේ වැඩ කරන්න සේමියට පුළුවන් වුනා.customers ල එක්ක වුනත් නිතරම හිනා වෙලා කතා බහ කරන නිසා නිතරම යන එන කස්ටර්මස්ල පේන්න නැත්නම් සේමිය අද අර දරුවා නැද්ද කියලා අහන්න තරම් බැදියාවක් හදාගන්න සේමියට පුළුවන් වුනා.

එක්සෑම් එක රිපීට් වුනාට පස්සෙ පොඩ්ඩක් හරි මයින්ඩ් එක රිලැක්ස් වුනේ සේමියගෙ මේ ජොබ් එක නිසා.

දවල් වෙද්දී වෙලාවකට සිහින ඇවිත් ඩෙනිමක් බලන්න කියලා වල් පල් කියෝලා කියෝලා යන නිසා මහලොකු පාලුවක් සේමියට දැනුනෙත් නැහැ.
ඩෙනිම් සෙක්ශන් එකේ සේමියයි සේමියට වඩා වැඩිමල් කොල්ලෙකුයි තව කෙල්ලො දෙතුන් දෙනෙකුයි හිටියට සේමියයි අර කොල්ලයි ඇරෙන්න අනික් උන් කරේම මුල්ලක් අල්ලගෙන කාගෙහරි රෙද්දක් හෝදපු එක.

"ඒහ් මල්ලි.."
"අඩෝ මල්ලි.."

"ආහ්..ඇයි අයියෙ?"

හෙනම මනෝ ලෝකෙක හිටපු සේමිය යතා ලෝකෙට ආවෙ එතනම ඉන්න අනිත් කොල්ලගෙ කටහඩින්.

"මෙතන පොඩ්ඩක් බලහන් මන් ඉක්මනට එන්නම්."

"ආ හරි අයියෙ."

ඕකා දැන් ඔය ටිකකින් එන්නම් කිව්වට ආයෙ හොයාගන්නවත් බැරි වෙනවා.
අදත් දවසම මට අදින්න වෙන්නෙ.

සේමිය තනියම හිතද්දි ලිෆ්ට් එකෙන් ආපු කස්ටර්ම කෙනෙක් දැකපු සේමිය ඒ කස්ටමර් ගාවට ගියේ පුරුදු හිනා මූනෙන්මයි.

ඔය අතරෙ රවුම් ගහලා රවුම් ගහලා කරන්න දෙයක් නැති තැන කූල් ප්ලැනට් එක ඇතුලට ගියේ ඇතුලෙ පොඩ්ඩක් රවුමක් දාලා එන්න හිතාගෙන.

තේව්ගෙ තාත්තා ගෙ යාලුවෙක්ට අයිති වුන මේ මෝල් එක නිසා තේව් මෝල් එක මගේ වගේ සීන් එකෙන් අනික් අයව ගනන්නොගෙන යන අතරෙ ලිෆ්ට් එකෙන් නොයා පඩිපෙලෙන්ම floors වලට බඩගෑවෙ කාලෙ කන්න ඕනිකමටමයි.
එක එක floors නැගගෙන හතරවෙනි තට්ටුවට ආපු තේව් ඩෙනිම් එකක්වත් බලනවා කියලා හිතලා ඇතුලට යද්දිම ඇහුනෙ හුරුපුරුදු කටහඩක්.

අවසන් සටන 🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now