< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >

Start from the beginning
                                    

ජන්කුක් පුංචි කාලෙ එයා හැමදේම හොයල බලල පරිස්සම් කලත්...ලොකු උනාට පස්සෙ එයාටත් වඩා ජන්කුක් ගැන හොයල බැලුවෙ ටේහියුන් කියල මිසිස් ජිඔන් දන්නව..ජන්කුක් නොකා ඉන්නකොට ටේහියුන් කොච්චර බඩගින්නෙ ඉන්නවද කියල, ටේහියුන් තුරුලට යනකොට ජන්කුක් ගහල, බැනල පැන්නුවම හැමෝටම පේන්න හිනා උනාට ටේහියුන්  හොරෙන් අඩනව කියල මිසිස් ජිඔන් දන්නව..ඉතින් ටේහියුන් ගැන හිතල ජන්කුක් එක්ක තරහ ගන්න එක වැරැද්දක් නැ නේද..?



















" Good morning sir.."

" Morning ..! "

කිම් කම්පැනි එකේ අලුත් CEO වෙච්ච ටේහියුන්ට ඔලුව නවල ග්‍රීට් කරපු කෙල්ල කැබින් එකෙන් එලියට ගියා...

" හ්ම්ම්..."

ටිකකට කලින් ආපු කෙල්ලෙ ගෙනත් දුන්න ෆයිල් ගොඩ දිහා බලල හුස්මක් පාත දාපු ටේහියුන් එයාගෙ වැඩ පටන් ගත්තාගා..හරියටම මාසයක්..ටේහියුන් කිම් කම්පැනි එක බාරාරගෙන..ටේහියුන්ට පොරොන්දු උනා වගේම ලෝයර් හියුක් ටේහියුන් වැඩ ටික අල්ලගන්නකල් ටේහියුන්ගෙ පිටිපස්සෙන් හිටිය..ටේහියුන් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් අරන් තිබ්බ නිසා වැඩිය අමාරු උනේ නෑ...

ගෙව්න මාසෙ පුරාවටම ටේහියුන් කලේ කම්පැනි එකේ වැඩ වලට හිර උන එක..හිතාමතාම...ජින් එක්කවත් වැඩිය කතා කලේ නෑ... එයා තනියෙන්ම හිටිය.. ජිඔන් ඔම්මව බලන්න යන්න ඕන උනත් ජන්කුක්ගෙ මතක දරාගන්න බැරි වේදනාවක් උනා.. ජිඔන් මැන්ශන් එකට ගියොත් ජන්කුක්ව දකිනව...ඉතින් ටේහියුන් නොගිහින් හිටිය.. තනියෙන්ම හිටිය..ඕන උනා එයාට වේදනාව නැති කරගන්න...ඒත් ලේසි නෑ...ජන්කුක් තමයි තාමත් ටේහියුන්ගෙ හදවතේ රජ කරන්නෙ....

" ටේ ටේ..."

ෆයිල් එකකුයි, ලැප් එකයි මාරුවෙන් මාරුවට බල බල හිටිය ටේහියුන් දිර දිහා බැලුවෙ පුරුදු කටහඩක් ඇහුන නිසා...

" චිමී..."

ජිමින් මල්ලකුත් උස්සන් ඇවිත් ටේහියුන් ඉස්සරහෙන් වාඩි උනා... ගෙවිච්ච අමාරු කාලෙ හැමකෙනටම වඩා ජිමින් තමා ලග හිටියෙ... ටේහියුන් වැඩ වලට හිර වෙලා, හැමදාම රෑට ජිමින් ලගට ගිහින් ඇඩුව... එයාගෙ හිතේ තිබ්බෙ මෙතයි කියල කියන්න බැරි තරම් වේදනාවක්...

" මොකෝ දැන්ම ආවෙ.."

මෙච්චර වෙලා බල බල හිටිය ෆයිල් ටිකයි, ලැප් එකයි ටේහියුන් පැත්තකින් තිබ්බා..

"  ඇයි මට එන්න හොද නැද්ද...?"

" නැ නැ ඉතින්...වෙනදට මෙච්චර උදෙන් එන්නෙ නැනෙ.."

" මම අද ටේටේ ආසම කැමක් අරගෙන ආවෙ..ජින් හියුන් කතා කලා මට..."

ජිමින් ඇස් හීනි කරන් කිව්වම ටේහියුන් ලාවට හිනා උනා... ටේහියුන් ජින් එක්කවත් වැඩිය කතා නොකර හිටියට කිසි තරහක් තිබ්බෙ නෑ දෙන්න අතරෙ..ජින් ටේහියුන් ගැන හෙව්ව හැමවෙලේම...

" කාල ආවෙ නෑ කිව්ව...ඒ නිසා මම කෑම ගෙනාව..."

" බඩගින්නක් තිබ්බෙ නෑ චිම්.."

" බොරු කියන්න එපා බන්...උබ තාම දුකෙන් නේ ඉන්නෙ..? "

ජිමින් ටේහියුන්ගෙ අතක් අල්ලන් ඇහුවත් ටේහියුන් නිහඩයි...එයා වීදුරු ජනේලෙන් පේන සෝල් නගරෙ දිහා බැලුව.

" මට තේරෙනව ටේටේ....ඒත්...දුකයි කියල ඔහොම ඉදල බෑ...ඔයා දියුනු වෙන්ජ ඕනි...ඒකනෙ අප්පගෙ ආසාව..."

" හ්ම්..ඒක මම කරන චිම්..කොහොම හරි...ඒ වගේම අප්පව මැරුව කෙනාවත් අනිවාරෙන් හොයාගන්නව මම..."

අන්තිම ටික කියනකොට දුකින් තිබ්බ ටේහියුන්ගෙ මූන කේන්තියෙන් රතු පාට වෙලා ගියා... ජිමින් එතනින් එහාට කතා කලේ නෑ... ටේහියුන් ඉන්න තත්වෙ ජිමින්ට තේරෙනව..ටේහියුන්ට වගේම උවමනාවක් එයාටත් තිබ්බ එයාට ඔම්මෙක් , අප්පෙක් වගේ හිටිය කිම් පව්ලව මැරුවෙ කව්ද කියල දැනගන්න..















𝐇𝐈𝐈𝐈𝐈𝐈♡

Happy new year taekookers 💚💜

ඔන්න කාලෙකට පස්සෙ ආවා... vote කරන් යන් හොදේ...

ආයෙ ඉක්මනට එන්නම්...

මාව follow කරන් යන්♥️😍

බායි💗

ආලායූ💗

SAKURA ♡

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now