- නුවරඑළි ඩේට් -

Start from the beginning
                                    

ටිකවෙලාවකින් වහින්න ගත්ත නිසා මන් ජනිත්වත් එක්කගෙන කාර් එකට යන්න හැදුවත් කොල්ලා කරේ මන් කීයටවත් හිතපු නැති දෙයක්.ජනිත් කියන්නෙ හැමදේම ආතල් එකට ගන්න මුරණ්ඩුක කොල්ලෙක් කියලා මන් දන්නෙ ජනිත්ව මුලින්ම දැක්ක දවසෙ ඉදලමයි.කොට කලිසමත් ඇදගෙන අඹ ගහක නැගලා අඹ කඩලා අහුවුන දවසෙ එකට එක කියන් ඇවිත් මගෙන් කනේපාරක් කාපු දවසෙ ඉදන් මගෙ නම්බුව හෝදන වැඩ ඔක්කොම කරේ ජනිත් කියලා මන් හොදට දැනන් හිටියා.

අපි දෙන්නම ඉදන් හිටිය බෙන්ච් එක හරියෙ මිනිස්සු ගොඩක් හිටියෙ නැහැ කොහොමත් වැස්ස නිසා .

ජනිත් නැගිටලා ඇවිත් මගෙ කකුල් දෙක උඩින් හොදට ඉදගෙන බෙල්ල වටේ අත් දෙකත් දාලා ඇදන් හිටපු බැගී ටීශට් එකේ එක අතකුත් උරහිසෙන් පහළට පන්නලා
ඇහැකුත් ගහලා ලිප්ස් වලට කිස් එකක් දීලා යන්න ගියේ මාව ලේසිපහසු අමාරුවකට දාලා නෙවෙයි.ඒ මදිවට මේ කොල්ලා කකුල් දෙක උඩ ඉදන් එහෙට මෙහෙට ඇබරිලා මාව ඇවිස්සුවෙ හිතලමයි.

ජනිත් ගියාට පස්සෙ වොශ්රූම් හොයන් ගිය මන් බොහොම අමාරුවෙන් මාවම කන්ට්‍රෝල් කරගෙන ආයෙ කාර් එකට එද්දී මූ ඉන්නවා මුකුත් නොකල එකා වගේ ඔලුවෙ ඉදන් වහගෙන කකුල් දෙකත් පද්ද පද්ද.

මන් නොදන්නවා නෙවෙයි ඕවා කරන්නෙ මේකා මාව අවුස්සන්න කියලා.
මොකද මාත් කොල්ලෙක් චූටිත් කොල්ලෙක් අපි දෙන්නටම ෆීලින්ග්ස් කන්ට්‍රෝල් කරන් ඉන්න් අමාරුයි.මෙහෙම ඇවිස්සුවට මන් මුකුත් කරන්නැහැ කියලා දන්න නිසාමයි ජනිත් මාව අවුස්සන්නෙ.

මන් ඉතින් මුකුත් කරේ නෑ වගේ කකුල් දෙකත් උඩ තියාගෙන පද්ද ඉන්න කොල්ලගෙ පස්සට එකක් දීලා ශීට් එකේ ඉන්දවලා බන්ග්ලෝ එකට කාර් එක ඩ්‍රයිව් කරේ වැස්ස වැඩි වෙලා සීතලත් එන්න එන්නම වැඩි කරද්දි.

කොහොමහරි බන්ග්ලෝ එකට ගිහින් ජනිත් වොෂ් දාන්න ගිය ටයිම් එකේ මන් ගියේ පබ් එකට මොකද ජනිත්ට ගානක් නැතිවුනත් මන් තාම හිටියෙ ග්‍රෙගරි වැව ගාව.

පැය දෙකක් විතර යනකන් වයින් වීදුරු හිස් කරලා මන් රූම් එකට යද්දී ජනිත් හිටියෙ ග්ලාස් එකකින් පහලින් පේන ටවුන් එක දිහා බලාගෙන.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 24 ⏰

Add this story to your Library to get notified about new parts!

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now