- මන් ඔයාට හරි ආදරෙයි ළමයො -

630 76 93
                                    


සිරිසේනයා උගුරත් පාදලා මයික් එක ගත්තට පොරට නිකන් බයයි බයයි ලුක් එකකින් මන් දිහා බලනවා .

යකෝ හැමදාම ස්ටේජ් එකේ එනවුසින් කරන උන් නේද මේ..

"HELLO EVERYONE .."

සිරිසේනයා ආයෙ ඒක කියලා ආයෙ සැරයක් උඩ බිම බලනවා අම්මපා මූ කිස් විතරද කලේ කියලා සැකයකුත් දැන් මගේ යටි හිතට මෝදු වෙනවා.

මාත් මයික් එක දෑතින්ම අරන් ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙස බලද්දි ටීරෙක්ස් සයිඩ් එකක ඉදන් සිරීට හිනාවක් දාලා do your best කියනවා මගෙ අහින්සක දෑස් දැක්කා.

ඇයි එහෙම තනි එකාටමයි හැමෝම ගහන්නෙ.
මේක අසාධාරණයිනෙ.
මන් තාරුන්‍යා දිහා බැලුවම ඌ හොදට හිමා එක්ක කතාවක් දාගෙන ඉන්නවා.

මේ වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා පොල් පිති වලින් කපාගන්න පුළුවන් .

ආආ ඇඩෙනවානෙ මට.දුකයිනෙ ඉතින්.🙂

සිරිසේනයා ෆ්ලෑශ්ගෙ සීයා වැහුනා වගේ කියවගෙන කියවගෙන යද්දී තාරුන්‍යාට දෙහි කප කප හිටපු මට ඉන්නෙ කොහෙද කියලවත් මතකෙට ආවෙ නැහැ.

"සිතුමි..."
"සිතුමි..."
"සිතුමීඊඊඊ.."

"ආආ.."

"හම්මටසිරි..සොරි බන්."

මන් ඇහෙන නෑහෙන ගානට සිරීට කියලා අපේ ප්‍රොජෙක්ට් එක විස්තර කරන්න ගත්තත් පළවෙනි වචන දෙක තුනෙන්ම හිටපු හැම එකාටම තේරුනා සිතුමි නොහොත් මෝඩ නේහාරා අඩන බව.

මොන ලැජ්ජාවක්ද 😪.

එතකොටම කොහෙවත් ඉදපු කදුලු බිංදුවකුත් කම්මුල දිගේ රූටලා ඇවිත් බිමට වැටුනා.
නුඹ කදුලු බිංදුවක් කියලා තමා දැන් මට කියන්න වෙන්නෙ..

ඒ අස්සෙ සිරිසේනයා බය වෙලා ඌ ඉවරයක් නෑ මොකද සිතුමි උනේ ගානවා..අනේ මට ඉන්න දීපියව් කියන්න ඕනි වුනත් ස්ටේජ් එකේ නිසා මුකුත් නෑ කියලා මන් නෝමල් හිනාවක් දාලා ආයෙ සුපුරුදු විදිහට අපේ ප්‍රොජෙක්ට් එක විස්තර කරා.

ඒ අස්සෙ මන් අඩපු එකටද දන්නැහැ අර මගුල රවනවා.

තමුසෙ නිසාතමයි ඔක්කොම මන් හිතලා ඇඩුවෙ නෑනෙ .හරි නරකයි මේ ඔක්කොම උන්.කාටවත් මන් ගැන ගානක් නෑ හුම්.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now