- කිස් සීන් -

667 85 17
                                    


THARUNYA POV,

ඩොටී කිව්ව දේත් එක්ක මන් සිතුමිව හොයාගෙන පහළට ගියත් සිතුමි ව හොයාගන්න නම් බැරිවුනා.

සමහරවිට බෝයිෆ්‍රෙන්ඩ් හම්බවෙන්න ගියාද දන්නැහැ නෙ?Stop Stupid thinking .මන් කෙල්ලෙක් එක්ක ගියා කියලා එයා අවුල් යන්නෙ මොකටද මටත් පිස්සු හැදීගෙන එනවා මන් හිතන්නෙ.

ආයෙත් මෝඩයෙක් වෙන්න එපා තාරු.

මන් මටම කියාගෙන වොශ්රූම් එක පැත්තට ගියේ ෆ්‍රෙශ් වෙන්නත් එක්ක මූන පොඩ්ඩක් හෝදගන්න හිතාගෙන.

වොශ්රූම් එකේ දොරත් ඇරගෙන මන් ඇතුලට යද්දිම මිරර්ස් තිබ්බ සයිඩ් එකේ කෙල්ලෙක් මිරර් එක දිහා බලාගෙන කල්පනා කරනවා.

මූන දැක්කෙ නැතත් මට කියන්න පුළුවන් ඉන්නෙ සිතුමි කියලා.

මන් ළගට ගිහින් පිටිපස්සෙන් හිටගෙන මිරර් එක ලගම තියෙන සින්ක් එකෙන් අත හෝදද්දි වතුර වැටෙන සද්දෙට ගැස්සුන සිතුමි හැරිලා බැලුවා විතරයි මාව දැකලා යන්න හැරුනා.

"ඒයි ඔහොම ඉන්නවා."

"මන් මොකටද එක එකා කියන දේවල් අහන්නෙ?"

ආයිශ් මේ කට නම් පොඩ්ඩක් හොදින් කතාකරන්න බැරිද මේකිට මන් ඉවසලා කතාකරද්දි කඩා පනින්නෙ.

සිතුමි යන්න හැදුවත් මන් අතින් අල්ලගත්තෙ ඇස් දෙක පොල් සයිස් කරන් මන් දිහාත් අත දිහාත් මාරුවෙන් මාරුවට සිතුමි බලද්දි.

සිතුමිගෙ අත අල්ල ගත්ත මන් සිතුමිට ළං වෙන්න ළං වෙන්න සිතුමි කරේ පිටිපස්සට ගියපු එක සිතුමි වෙනුවට මන් ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු කෙනාව මට පේන්න ගද්දි තවත් මාව කන්ට්‍රෝල් නැහැ කියලා මට තේරුණා.

සිතුමි බයවෙලා ඉන්නෙ කියලා මූන දිහා බැලුව ගමන් කියන්න පුළුවන්.ඒත් මාත් මනුස්සයෙක්නෙ හැගීම් කොච්චර කාලයක් හංගගෙන හිටියද මාත්?

සිතුමිගෙ මූන ගාවටම ළං වුන මන් සිතුනිගෙ මූන දිහා බලන් කතාකරේ කාලෙකට කලින් වුන සිද්ධියක් ආයෙ රිවයින් වෙනවා කියලා මගෙ හිත කෑ ගහන අතරෙ.

"ඇයි ඇඩුවෙ?"

"ම__මන් __මන් ඇඩුවෙ නෑ."

"එතකොට ඇස් රතු වෙලා තියෙන්නෙ කොහොමද ?"

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Unde poveștirile trăiesc. Descoperă acum