- හෙල්මට් මෑන් -

535 82 37
                                    


ආආ තමුසෙ ඇයි ගොනෙක් වගේ පැනලා ආවෙ..

නෑ මන් පැන පැන නෙවෙයිනෙ ඇවිදන් නෙ ආවෙ ..

ඒත් ගොනෝ දැක්කද ඒකි දාපු නෝන්ඩි හිනාව.

අයියෝ මට බැරියෝ..

තාරුන්‍යා ගාව ඉදන් මීටර් සීය දුවපු මන් හිතත් එක්ක වලි දාගන්න අතරෙ අර කොනක ඉන්න යටි හිත කියන මගුල කෑ ගහනවා ඇයි ආවෙ ඉන්නනෙ තිබ්බෙ කියලා.

ෆක්.

මන් මතක් කරේ මීට තත්පර කීපයකට ඉහතදී සිදුවූ ඒ කුජීත ක්‍රියාව ගැන.

තාරුන්‍යා මන් ඒ විකාරෙගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා තර්ජනය කරපු කොටසට වෙනකන් සාමාන්‍ය විදිහට නොවුනත් හොද විදිහට ගලන් ගියා.

මේ මනුස්සයා එකපාරට හෙන ගැහුවා වගේ මාව ළගට ඇදලා අරන් මගෙ ලිප්ස් උඩ ඇගිල්ල අරන් යන්න ගත්තට පස්සෙ තමයි කතාව පොඩ්ඩක් wrong direction එකකට හැරුනෙ.

අයිස් වෙන සීතලක් තිබ්බත් වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුන මම තාරුන්‍යාගෙ අත් දෙක ගසල දාලා ආයෙ හැරිල්ලක්වත් නැතුව කෙලින්ම ගිහින් නතර වුනේ ගෙදර මගෙ කාමරෙ.

ඊව් මන් හිටියනම් ගොනා වගේ.
එදා වගේ කිස් කරලා ඊටපස්සෙ සොරි කියලා යයි.

මාව ජෝක් එකක්ද දන්නැහැ මුන්ට.

කෙල්ලෙක් තියාගෙන වටේ යන උන්.
ඒකි කිව්වද දන්නැහැ මාව නැති කරන්න කියලා.

ආයිශ් ෆකින් ගර්ල්.

ආපු තරහට දොරට පයින් එකක් ගැහුවත් ඒ හෙනහුරාත් බලවත් මටමයි.

කකුලත් කොර ගහ ගහ ඇදට පැනලා ශීට් එක ඔලුවෙ ඉදන් පෙරවගෙන එලාම් එකත් තියලා මන් ඇස් දෙක පියාගත්තෙ ඔක්කොම මගුල් අමතක කරලා නින්දකට වැටෙන්න.

NEXT DAY MORNING ,

"මොන කැ#යෙක්ද ඕයි ඒ ඌට කේ අමාරුව තිබ්බට අපි මොන ලබ්බක් කරන්නද?
දැන් අහවල් එකක්ද අපි අදින්නෙ කියපන්කො."

දහසක් මල් විකසිත වෙන මේ ගිනි ගහන උදෑසන ඉතා අලංකාර ලෙස සිංහල භාශාව හසුරුවන්නෙ වෙන කවුරුත් නෙවෙයි මිස්ටර් සිරිසේන.

මූට ඩිපියුටි දුන්න එකා හොයන් ගිහින් ඔලුවට තට්ටුවක් දාලා හරිම අගෙයි bng කියලා එන්න හිතෙනවා.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now