" නිර්නාමික-36 "

Start from the beginning
                                    

නිරාශා : අක්කා ඉතින් ඉන්නෙ එහෙ නුවරනෙ ආධිල් ! මොන මගුලක් අහනෝද මංදා !

ආධිල් : අප්පටසිරි . අක්කා මැරි කරලා නේ. දන්නැද්ද ඉතින් . ඩාම් වෙනවා ඩූම් වෙනවනෙ .

තුහින : අපිටත් හිතුණා . නැද්ද නිරාශා !

නිරාශා : අනේද හා . මොන විදියෙ පිස්සෙක්ද මංදා !

ආධිල් : හා හා ඔය වක්කඩ වහගෙන ඔය රෙද්ද බීපම් .

නිරාශා : යැයි යැයි තමා . ඒක නෙවෙයි උඹලා එන්නෙ කවද්ද බං .

ආධිල් : සතියක්වත් ඉන්න හිතං ඉන්නෙ .

තුහින : අනේ පච කෙලින්නැතුව ඉදපන් ආධිල් . අපි හෙට කැම්පස් ඇරිලා එහෙම්ම ගිහින් ඉරිදා රෑ වෙන්න කොළඹ එනවා බං .

නිරාශා : ඔන්න තුහිනයා අවුරුදු නිවාඩුවට යද්දි නම් මං එනවා ඈ . මං නුවර බස් ස්ටෑන්ඩ් එකට අක්කට එන්න කියන්නම් .

ආධිල් : ඕන නෑ . උඹ මෙහෙ ඉදපන් .

නිරාශා : අනේ මේ පගෝ . කිව්වා කියලා හිතා ගනිම්...

තුහින : ශෙවෝන් කොහෙද දන්නෑ .

නිරාශා : ඒක තමයි . මාත් කෝල් කළා-

ශෙවෝන් : දොර ළග ඉද්දි කෝල් ආන්සර් කරන්නෙ ඇයි බං

තුහින : ආ... උඹ ආවද ?

නිරාශා : අහ් එන්න ශෙවෝන් . ඉදගනිම් . මං බීම එකක් අරං එන්නම්.

නිරාශා කිචන් එකට ගිහින් බීම එකක් ගෙනත් ශෙවෝන්ට දීලා ඉදපු තැනින්ම ඉද ගත්තා . ඒ වෙද්දි හවස හයයි විස්සට විතර කිට්ටු කරලා තිබ්බෙ . කොහොමින් කොහොම හරි තවත් පැයක් විතර යනකන්ම ඒ ගේ ඇතුලෙ තිබ්බෙ මේ හතර දෙනාගෙ රණ්ඩුයි හිනා සද්දෙයි විතරයි .

ශෙවෝන් : රණ්ඩු නොවී එක විනාඩි දහයක් ඉදපන්කො ආධිල් .

ආධිල් : ඈ බං ශෙවෝන් . උඹටත් මගේ වැරදි විතරද පේන්නෙ . මේ මී හරකිව පේන්නෙ නැද්ද ?

නිරාශා : ශෙවෝන් ! මං මුට ගහනවා .

ශෙවෝන් : ගහපන් ගහපන් . බැරිනම් මරපන් . ඒත් ඇයි උඹ ඒක මට කියන්නෙ ?

නිරාශා : අම්මටසිරි ඒක තමයි ; තුහින ! මං මුට-

තුහින : මේ ශෙවෝන් . මෙන්න මෙහෙ වරෙන් මචං කයියක් ගහන්න උඩට යමං .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now