" අම්මා.. බෙල් කරන්නේ කව්ද බලන්නකෝ.."
" හරි හරි. මන් බලන්නම්.."
කාමරේ ඉදන්ම අම්මට කියලා මන් ගියේ ඇදුමක් දාගන්න.. ගෙදරට කව්රු හරි ආවම ඒ මනුස්සයට හිනා වෙන්න හරි එන්න ඕනේ කියලා නීතියක් අපේ ගෙදර තිබ්බා.. ඒ නිසාම මන් ඉක්මනට ඇදුමක් දාන් පල්ලෙහාට ගියා.. අද තාත්තත් ගෙදර.. මොකද මන් හෙට රෑ ලන්කාවෙන් යනවා..
ඉරෝන්තුත් මාත් එක්කම වගේ යන්න හිටියේ.. ඒ නිසාම මට ලොකු අව්ලක් තිබ්බෙත් නැ.. කොහොමත් උත් එක්ක යද්දි පාළුවක් දැනෙන එකකුත් නැනේ.. මන් පල්ලෙහාට යද්දි ඉරෝන් මට කින්ඩි හිනාවක් දාන් කුස්සියට ගියා.. මන් මොකද ඒ කියලා බලන්න යන්න හදද්දි තාත්තා ඇවිල්ලා මට කතා කරා..
" තිදැස් පුතා ඇවිල්ලා.. අන්න එලියේ ඉන්නවා.. ගිහින් කතා කරලා එන්න.."
මන් තාත්තාට හා කියන්න ඔලුව වනලා එලියට ගියා.. මන් ඇත්තටම හිතුවේ ගාඩ්න් එකේ ඇති කියලා උනත් පොර දොර ලගම හිටගෙන ඉන්නවා දැකලා මන් තව ටිකෙන් බය වෙච්ච පාර බිම..
" බය උනාද.. සොරි.."
කවදාවත් නැතුව අමුතු විදියට කතා කරන තිදැස් අයියා දිහා මන් බලාගෙන හිටපු විදියට එයාටත් අපහසුතාවක් දැනෙන්න ඇති අනිවාරෙන්ම.. ඒත් එයානේ මෙතන අමුතු වෙලා ඉන්නේ..
" අපි ටිකක් beach එකට ගිහින් එමුද.."
" ම්ම් හරි.. මන් ඇදුමක් දාන් එන්නම්.."
" ඔහොම හොදයි. ඉක්මනට එනවා.. "
මන් හා කියලා ගිහින් බයික් එකට නැග්ගා.. සිටුවේෂන් එකට ගැලපෙන්නේ නැති වාහනේක එන එක තිදැස් අයියගේ හැටිද මන්දා කොයි වෙලාවෙත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වාහනේක තමයි එන්නේ.. මේ රෑ beach එකට බයික් එකෙන්.. ඒ හැගීම හරිම හොද හැගිමක්.. ඒ හෙම්බිරිසාව හැදුනම හැගීම් ඩබල් වෙන්නේ නැත්තන්..
ටිකකින් අපි දෙන්නා ඇවිල්ලා beach එකේ කොනට වෙන්න බයික් එක නැවැත්තුවා.. මන් බයික් එකෙන් බැස්සම තිදැස් අයියත් බැහැලා කී එක අරගෙන මගේ අතිනුත් ඇදගෙන ඇවිල්ලා බෙන්ච් එකකින් වාඩි කෙරෙව්වා.. දැන් වෙලාව රෑ 10 ට කිට්ටු වෙලා තිබ්බේ... ඉතින් පාරේ වගේම beach එකෙත් කට්ටිය නැති තරන්..
![](https://img.wattpad.com/cover/364547501-288-k958080.jpg)