𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 52

En başından başla
                                    

'හිනාවෙන්න කියලා පස්සේ හිනාවුනාම මගුල් කියන්නෙපා මිනිහෝ!'

ලාවට ක්‍රිස්ටියන්ට හිනාවක් දීලා ශෙන්ග් ආපහු අයිවන්ගේ බෙල්ල අස්සේ මූණ ගහගත්තා.

"..කෝ අපේ අයිවන්ගේ ශේ බබා මූණ පෙන්නන්නේ නැද්ද අපිට දැන්..?"

ක්‍රිස්ටියන් කිව්වේ හෙනම නිවුණ විදිහට. ඒ කතා කරපු විදිහට ආපහු අයිවන්ට හිනායන්න ආවත් එයා හිනාව කාගත්තේ ශෙන්ග්ව ක්‍රිස්ටියන්ට කොහොම හරි සෙට් කරන්න ඕන නිසා. අනිත් අය හිටියා නම් මේ වෙද්දි ක්‍රිස්ටියන්ගේ විදිහට පෙරලි පෙරලි හිනාවෙනවා.
ක්‍රිස්ටියන් සාමාන්‍යයෙන් ඔය විදිහට කතා කරන්නේ ලියාම්ට විතරයි. නැත්නම් ඉදලා හිටලා ජෝ ට.

"..ම්ම්ම්.."

ශෙන්ග් ඒකට ලාවට බෙල්ල ඉස්සුවා.

"..හායි.."

ක්‍රිස්ටියන් ආයේ කියද්දි ශෙන්ග් ලාවට ක්‍රිස්ටියන්ගේ දිහා බලලා හිනාවෙලා බය වුණත් අත වනලා හායි කිව්වා.

"..හ්.. හායි.."

"..ඉතින් ශේ බබා කොහොමද..?"

අන්න එතකොට නම් ශේ කටත් ඕ අකුර කරගෙන අයිවන්ගේ පැත්තට හැරුණා.

"..එයා මගේ නමත් දන්නවද..?"

ශෙන්ග් අහද්දි අයිවන් ඔළුව හෙල්ලුවා.

"..අයිම් ෆයින් ඇල්ෆා.."

ශෙන්ග් හිමිට කිව්වේ ටිකක් බයෙනුත් වගේ. එයා නොදැනුවත්වම එයාගේ කටින් ඇල්ෆා කියලා කියවෙද්දි සැzක්ෆ්‍රොන් වගේම ක්‍රේනූත් මයින්ඩ් ලින්ක් එකෙන් වුල්ෆ් හෝව්ල් එකක් තිබ්බා.

ඒකෙන් අදහස් වෙන්නේ ඇල්ෆා එයාගේ පැක් එකට තව සාමාජිකයෙක් ගත්තා කියන්න. අයිවන්ගේ මේට් නිසා ක්‍රිස්ටියන්ට මහ ලොකු දේවල් කියලා ශෙන්ග්ගේ බලන්න දෙයක් තිබ්බේ නෑ. එයාට ඕන වුනේ ශෙන්ග් එක්ක අනිත් අය එක්ක ඉන්නවා වගේ යාළුවෙන්න.
මොකද අදින් පස්සේ ශෙන්ග්ගේ ආරක්ෂාවත් එයාගේ යටතට වැටෙනවා. තාම මේට් බොන්ඩින් එක කම්ප්ලීට් කරලා නැතත් එයාලගේ පැක් එකට අළුත් සාමාජිකයෙක් එකතු වෙනවා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Hikayelerin yaşadığı yer. Şimdi keşfedin