"නංගා අද ප්‍රැක්ටිස් එනෝද"
"යා යා මන් එනවා ඔයා එනවද"
"ම්ම්ම් ඔව්ව්"
කාලෙ හෙන ඉක්මනට ගත වෙලා ගත වෙලා ගියා ඒ කාලෙ ඇතුලත ක්‍රිකට් ප්‍රැක්ටිස් තිබ්බෙ නැතිම තරන් අද පෙබරවාරි දොලහා අපිට ඉස්කෝලෙ තාම නිවාඩුයි තව ටිකකින් මන් ප්‍රැක්ටිස් යන්නත් ඕනේ ඒත් කම්මැලී මට ඉක්මනට ලෑස්ති වෙල යන්න ඕනෙ ප්‍රැක්ටිස් තියෙන්ව කියල දාලා තිබ්බෙ 2 ඉදන් 6 වෙනකන් හවස නිසා මක් කරන්නද මන්දා
වෙනද වගේම මන් බස් එකේ නැගලා ගිහින් ඉස්කෝලෙට ගියා අදත් ප්‍රයිමරියෙ මන් දැන් මේ ප්‍රයිමරි ඉස්කෝලෙට හරි ආසයි මන් පුංචි කාලෙ එක දෙක වසරෙ මේවා වල ඉගෙන ගත්තු හැටි මට තාමත් මතකයි මන් පහ වසරෙ primary prefect කෙනෙක් උනාම අපි හිතන් හිටියෙ අපි එතකොට හෙන ලොකුයි කියලා ඒ ඉස්කෝලෙ ඉන්න වැඩිමල්ම ලමයි විදිහට අපි ඉතින් ලොකුයි තමා ඒත් ඒ කාලෙ හරි සුන්දරයි අපි ලොකු ඇති කියලා හිතුනත් ඒ කාලෙ අපිට මුකුත් ප්‍රශ්නයක් තිබ්බෙ වත් නෑ
පුංචි කාලෙ මොකක් හරි උනාම අම්ම ලඟට අඬාගෙන දුවගෙන ගිය අපිමයි ටික ටික ලොකු වෙනකොට කාටත් හොරෙන් තනියෙම ඉකි ගගහා අඬන්නේ සමහර වෙලාවට කඳුලු බේරෙන්න අඬන්න හිතුන තැන අපි කඳුල හිර කරන් කට පුරා හිනා වෙලා හිටියා ඒ කාලෙ හිතන් හිටියේ ඉක්මනටම ලොකු වෙන්න ඔව්.. අපි ඉක්මනට ලොකු උනා ඒත් දැන් හිතෙනවා ඇයි එච්චර ඉක්මනට ලොකු උනේ කියලා..
මන් ප්‍රයිමරියට යනකොට වෙනද වගේම ඉස්සෙල්ලාම ඇවිත් හිටියේ සිතූ අක්කා මන් ගිහින් එයා ලඟින් වාඩි උනා එයාගෙ මූණෙ වෙනදා තිබ්බ හිනාවට වඩා අමුතු බයක් මන් දැක්කා ඒත් ඇයි බය වෙන්නෙ මොකටද? මන් කැමති නෑ එයාගෙ මූණ එහෙම තියෙනවට හැම වෙලේම හිනා වෙලා එයා හරි සතුටින් ඉන්නවා නම් මන් උනත් හරි සතුටින්
"කෝමද"
"හොඳයි පැටි- නංගී ඔයාට කොහොමද ගොඩ කාලෙකින් දැක්කේ"
"ගොඩ කාලයක් කොහෙද අනේ සතියක් දෙකක් දකින්නැතුව ඇති"
ඒක ලොකු කාලයක් තමා ඔයා..ඔයා මට හරියට ලං වෙලා ඔයාව මට හැම තිස්සෙම මතක් උනා
YOU ARE READING
_නොනිමි_
Short Storyනොහිමි කවියක ඔටුනු පැළඳුව ඔවුන්ගේ කතාව ❤️ එයාව හම්බුන දවසෙ ඉදන් මේ වෙනකන් මට එයාව තාමත් අමතක කරගන්න බෑ ඉස්සරහට මන් මොකද කරන්නේ... ඒ කතාකරන ලස්සන ලා දුඹුරු පාට ඇස්, නා දළු වගේ ලස්සන තොල්, දනහිස ගාවට තියෙන දිග ලස්සන කොන්ඩෙ, කාලයක්ම තිස්සෙ මගේ වෙලා හ...