11 කොටස

72 11 1
                                    

"දෑත දරා ඇවිදින් ආදරයෙන් මා
වෙනුවෙන් හිඳිනා අයුරූ
මිදෙමී දැහැනින් හැඟුමන් පාමුල
සිත් වාරු බිදෙයි ඔබ ලඟ මියුරු

සේද වලා අතුරාලා සඳ පායා
ඇති රෑ තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර
හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

මනහාරි නුරාවී නෙතු මානේ
සිනාසී තව ලන් වී පෙමින් දම් ගොතමී..
ගිම්හානෙ තුහීන ගෙනා
ඔබෙන් මා නිවෙමී සදා කල් හිඳිමී
තරු යායේ පුරා හඳ මාගේ
වලාවකින් මාගේ ආලේ ලියමී"

මන් එකපාරට සනිදි අක්ක දිහා බැලුවා.. එයා දිලිසෙනවා එයා රතු වෙලා.. එයා ලස්සනයිනේ අනේ එයා ආදරේ කරන කෙනා හරි වාසනාවන්තයි.. මට ඒ කෙනා එක්ක ඊරිසියයි ඒත්.. ඒත් ඇයි නෑ එහෙම නෑ...
මේ ලමයගෙ පුදුම ලස්සනක්නෙ...

"සේද වලා අතුරාලා සඳ පායා

ඇති රෑ තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
ආදරයෙන් හමු වීමයි හිමි වූ..."

අනිත් අයත් මාත් එක්ක සිංදුව කියන්න එකතු උනා. මන් තාමත් එක එල්ලෙ සනිදි අක්ක දිහා බලන් ඉන්නවා මට.. මට කියාගන්න බැරි අමුතු හැඟීමක් දැනෙනවනෙ

"දෑත දරා ඇවිදින්
ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරූ..."

"වාව් උම්බ ඉන්න විදිහට මම නම් හිතුවෙ නෑ උම්බට සින්දු කියන්න පුලුවන් ඇති කියලා"

"ඕ ආදි ඒක මාර ලස්සනයි"

"හී තෑම්ක්ස් වේවා සහජ හැකියා මෙව්වා මන් වැඩ්ඩෙක්නේ අයි ඈම් අ මල්ටි ටැලන්ටඩ් ගර්ල්"

මන් කොන්ඩෙත් පිටිපස්සට ගසන ගමන් කිව්වා සින්දු ව්තරක් නෙවේ නැටුම් ගැයුම් වැයුම් රාශියක් මා සතු සහජ හැකියා වේ උබලට නෑ නේ

"ඇට්ට ඇට්ට නම්කි"

"හහ්හ් ශිහා ඊස් අ මල්ටි ටැලන්ටඩ් රෝස මල් පොකුරක්"

"ඕ ඕ මොකක් ශිහා... මේ සම්පූර්ණ නම කියාම්කෝ"

"සාලකලාලා පාතටබාලාලාගේ සකලක බිම් බිම් සකල බුජං බිම් දොන් තරිකිට කැත්ත දොදොං ලාගෙ දුන්නම කන්නම් කාලා දුවන්නම්"

"බෙ අම්මට්ට.."

"ආ හා අම්මට මුකුත් කියන් එන්න එපා"

_නොනිමි_Where stories live. Discover now