" නිර්නාමික-32 "

Start from the beginning
                                    

" මේ ලෝකෙ මං ඒ වගේ මිනිස්සු දැකලා තියෙන්නෙ දෙන්නෙක්ව විතරයි . එකෙක් තුහිනයා . අනිත් කෙනා තමා තේව් . ඒ දෙන්නා ළගම පුංචිමවත් කියලා කියන්න තරම් අඩුපාඩු එකක්වත් නැතුව ඇති . ඇත්තටම බැලුවහම මං එක අතකට හරි වාසනාවන්තයි . ඒ වගේ අය දෙන්නෙක්වම දෙවියො මගෙ ජීවිතේට මුණ ගස්වලා තියෙන එක . හැබැයි ඒ හා සමානවම අවාසනාවකුත් ලියවිලා ඇති ! "

එහෙම හිතපු ශෙවෝන් අයි පෑඩ් එකයි මග් එකයි අරගෙන බැල්කනියෙන් ඇතුළට ගියා .

දන්නවද සමහර කතන්දර තියෙනවා අපි ඒ කතා වල ආරම්භය ගොඩක් ආසාවෙන් හරි ලස්සනට සනිටුහන් කරනවා . එහෙමත් කතා එකක් දෙකක් ඒ විදියටම ගලං යනකොට සමහර කතා තියෙනවා සම්පූර්ණ අනිත් පැත්ත පෙරළෙන - ඒ කතාවලට ආරම්භයක් නුදුන්නනම් කියලා හිතෙන තරමටම . ඉතින් ශෙවෝන් හිටියෙ ඒ වගේ කතාවක් මැද හිරවෙලා . කොච්චර හොදින් ඉන්න හැදුවත් හදිස්සියේ ඔළුවට එන එකම එක හේතුවක් නිසා ශෙවෝන් සෑහෙන්න තනි උණා . මෙන්න මෙහෙමයි කියලා කියා ගන්න බැරි , මේ නිසයි කියලවත් හේතුවක් හිතා ගන්න බැරි දෙයක් ඒක .


















ආධිල් : එහෙනම් මං යනවා ...

තුහින : ම්ම්... පරිස්සමින් පලයන් . මට කෝල් එකක් දාපන් . අහ් ඒක නෙවෙයි ගෙදෙට්ට කෝල් කරලා බලන්න මතක ඇතුව .

ආධිල් : හ්ම් එහෙම කරන්නම් ..... එහෙනම් බායි තුහින.

තුහිනට සමු දුන්න ආධිල් ගෙදර යන්න පිටත් උණා . ඒ වෙද්දිත් වෙලාව නවයට විතර ළං වෙලා තිබ්බෙ. ආධිල් බෝඩින් ප්ලේස් එකට යනකන් ඉදලා තුහිනත් බෝඩින් බ්ලේස් එකට යන්න ගියේ හෙට කැම්පස් යන්නත් තිබ්බ නිසා .

තුහින ගෙදර ගිහින් බයික් එක නවත්තලා ගේට් එකත් වහගෙන ගෙට ගිහින් දොර වහගත්තා . ෆෝන් එකත් ස්ටූල් එක උඩින් තියලා තුහින වොශ් දාගෙන එන්න යන්න හැරුනත් ආපහු තුහින ෆෝන් එක අතට ගත්තෙ ආව කෝල් එක නිසා .

අයියා 📲

තුහින : අහ් අයියෙ !

නිම්න : අයියෙ ? ඈ බං තෙදස්වර , උඹට නිකමටවත් මේ පැත්ත මතක් උණේවත් නෑ නේද ?

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now