𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 46

Start from the beginning
                                    

'උඹ කොල්ලත් එක්ක ඇවිත් හාවෝ මස් කරන හැටිද යකෝ හිතන්නේ.'

රෙමිරෝගේ කටහඬ මයින්ඩ් ලින්ක් එකෙන් ඇහෙද්දි තමයි අයිවන්ට මතක් වුනේ එයා මෙතන්ට ආවා කියන්න කොල්ලෝ ටිකගේ මයින්ඩ් ලින්ක් එක ඕපන් කරා කියලා.

'කට කට කට'

මයින්ඩ් ලින්ක් එක ක්ලෝස් කරලා අයිවන් හැරුණේ ශෙන්ගේ පැත්තට.

"..මම ඔයාට මේ කියන්න යන එක ඔයා ජීවීතේටවත් හිතලා තියන දෙයක් නෙමෙයි ශේ.. මේක දැනගත්තම ඔයා දිගටම මාත් එක්ක ඉදීද කියන්න මං දන්නෑ.. ඒත් මට තවත් මේක හිතේ තියාගෙන ඔයත් එක්ක ඉන්න බෑ.. මේක ඔයත් දැනගන්න ඕන.. මේ දේවල් ඔයාගෙන් හංගගෙන ඉන්න බෑ මට.."

අයිවන් කියද්දි ශෙන්ග්ට හිතාගන්න බැරිවුණා අයිවන් මොකක් ගැනද මේ කියන්නේ කියලා.

"..අයිවන් ඔයාට මොකක් හරි අසනීපයක් තියනවද දෙයියනේ..? හොද කරන්න බැරි එකක්.. අපි ඩොක්ටර් කෙනෙක් ගාව⁣ට යමු.. නෑ.. නෑ.. ඔයාට මොන දේ වුනත් මං ඔයාව දාලා යන්නේ නෑ.."

ශෙන්ග් කිව්වේ අයිවන් ලගට ගිහින් තුරුල් වෙලා. එයාගේ හිතට අයිවන් ගැන අමුතු බයක් හිතීගෙන ආවා. බැරි වෙලාවත් අයිවන්ට හොද කරන්න බැරි ලෙඩක් තියනවා නම්.. එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් නම්..

ශෙන්ග් හිටියේ ඇත්තටම ටිකක් විතර බයවෙලා.

"..එහෙම දෙයක් නෙමෙයි බබා.. මම ඔයාට ඒ කතාව කියන්නම්.. ඊටකලින් පෙන්නන්න දෙයක් තියනවා.. හැබැයි ඒක දැක්කට පස්සේ පැනලා යන්න හදන්න එපා.. කෝ ඇස් වහගන්න.."

ඒ කියද්දි ශෙන්ග් කරේ ඇස් දෙකත් ලොකු කරන් අයිවන් දිහා බැලුව එක.
මොකක්ද එයාට අයිවන් පෙන්නන්න යන්නේ.. ඒත් එයා ඇස් දෙක වහගන්න කලින් අයිවන් ආපහු ශෙන්ග්ගේ අත් දෙකෙන් අල්ලගත්තා.

"..ඔයා ඇස් දෙක ඇරියම දකින පළවෙනි දේ දැක්කම බයවෙන්න එපා.. ⁣ඔයාට ඒකෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ.. පොඩ්ඩක්වත් බයවෙන්න එපා.. ඒක දැකලා දුවන්නත් එපා.."

"..ඇයි..? ඇයි ඒ..? මං ඇස් දෙක අරිද්දි ඔයා නැද්ද මෙතන..? බෑ.. බෑ.. ඔයා නැතුව මං මෙතන තත්පරයක්වත් ඉන්නෑ.."

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now