MEEN - 06 🐬

251 31 0
                                    

මිහිර් අයියා !! ඇසුත් ලොකු කරන් එයාලා ඉන්න පැත්තට වේගෙන් ඇවිදන් එන්නෙ මිහිර්..

"දිල්..
මූ මොනවද මේ කියවන්නෙ...?

"දන්නෙ නෑ අයියේ..රියානා අක්කා..."

"ඒ කවුද කියපන් ? " මිහිර්ගෙ ඇස් කෙලින්ම විදත් දිහාට..

"එයාගෙ හස්බන්ඩ්..."

"මොනවද ?
බන්, උඹ බීලාද ඉන්නේ.."
මිලාන් විදත්ගෙ නළලට අත තිබ්බා..
කියන්නත් බෑ බොන්න වෙලාවක් කලාවක් නෑනේ මූට..

"විදත් , ටිකකට වරෙන්..." මිහිර් එහෙමම ඉස්සර වුණා..

මුලින්ම විදත්ගෙ අත් දෙක ගියේ සාක්කුවට , අර සාක්කුවට අත් දාගත්තම අමුතු සැනසීමක් තියෙනවනේ..ඒ එක්කම මිහිර්ගෙ පස්සෙන් යන්න ගියේ අනික් තුන්දෙනා
ඉන්නවද කියලත් අමතක කරලා..

"උඹට මොනවද ඕනි ? "

"ආහ්හ්.. ? "

"රියානාව මරලනම් උඹ ඉන්නෙ මෙතන නෙමෙයි කියන්න මට අමුතුවෙන් කියන්න ඕනි නෑ.."

"අයියේ... " ඒ කියන්නෙ සේරම එයා දන්නවා...

"කියපන්...මොකක්ද ඕනි...?"

"මට අරූගෙන් පළිගන්න ඕනි...!!" ඒ වචන ඊ වගේ කෙලින්..ඔව් එයාට ඕනි දැන් එච්චරයි...

"හේතුව ?"

"අයියෙ , උඹ රියානයි මායි ගැන දන්නවනම් රියානයි ඌයි ගැනත් අනිවාර්යයෙන්ම දන්නවනේ.."

"විදත් , රියානා ත්‍රිලක්ෂ එක්ක හිටියෙ කැමැත්තෙන්..දැන් කොහෙ හිටියත් ඉස්සරහට ඉන්නෙත් කැමැත්තෙන්..."

අහ් ත්‍රිලක්ෂ ! උගෙ නම ත්‍රිලක්ෂද එහෙනම්..මහ පච නමක්..විදත් ඒක එහෙමම අමතක කලේ ගට් එක ආයෙම අරගෙන...

"කැමැත්තෙන් නෙමේ කියන්න මට ඒක ඔප්පු කරන්න පුලුවන්.."
එයා ළග තියන්නෙ තියෙන්න පුලුවන් ලොකුම සාක්ෂිය..එදා රියානගෙ පළවෙනි පාර කියන්න කොල්ලට ශුවර්..

ඒ සාක්ෂිය මිහිර්ටනම් තේරිලා ඉවරයි.

"උඹයි රියානයි අතර වුණ හැමදේම අත්වැරදීමක් කියන්න තරම් මම මෝඩ නෑ...මොනවා වුණත් ලව් ඇන්ඩ් සෙක්ස් පටලගන්න තරම් උඹ මෝඩත් නෑ..."

මීන් | MEEN Where stories live. Discover now