MEEN - 13 🐬

82 14 3
                                    

"කැහ් ! කැහ් !
මේහ්..කැහ් ! පෙත්ත මොකක්ද ?"

"............................"

"මැරෙන්න කලින් අඩුම තරමෙ මැරෙන්න හේතුවවත් දැනගන්න දියන්...!!"

"............................"

දෙවෙනි පාර ! මේ අද දවසට දෙවෙනි පාර..මූට ඒක එච්චරටම මතක නෑ කියන්නෙ උඹ ඒක දැනෙන්න කියලා නෑ ත්‍රිලක්ෂ..කලින් විනිවිදව ගියේ ඇස් විතරයි..දැන් උඹ කියන වචනත් විනිවිද වෙන්න පටන් අරන්ද ?

"උඹ මට මොකක්ද කළේ...ඇයි මගෙ කකුල් දෙක පණ නැත්තෙ කියපන්..."

"......................................"

"උඹේ කටේ පිට්ටු නෑනේ..කතා කරපන්..! ඇයි මගෙ කකු-"

"ඕවර්ඩෝස් මිලේඩ්..."
ප්‍රොෆෙසර් ඔහේ කියලා දැම්මා..

මිලේඩ් !! විදත් මෙච්චර කල් මගෑරපු බෙහෙත..ඒක නෝමල් ගත්තමත් කොච්චර අමාරුද...ඉතින් ඕවර්ඩෝස් වුණාම කකුල් පණ නැති නොවුණොත්නෙ පුදුම..ඒ හැමදේමත් හරි බෙහෙතෙ නමත් එක්ක කොල්ලට අකමැත්තෙන් වුණත් පිළිගන්න වෙනවා ප්‍රොෆෙසර් එයාට බෙහෙත් කරපු බව..
ඔව්..එදා උදේ බීච් එකේදි..ඌ දැනගත්තනේ...!! ඒත්-

"බෙහෙත් කරන්න දන්නෙ නැත්තම් නොකර ඉන්න ඕනි..
අම්මපා මට ඇවිදින්න බැරි වුණොත් එහෙම..!"

ඒ කතාවත් එක්ක ප්‍රොෆෙසර් ඇද ළගින් කාමරේ ජනේලෙ මේසෙ ළගට ගියා..
හහ්...මාව ආබාධිතයෙක් කරලා මූ ඇවිදින ලස්සන !

"හරිනම් මම ලව් කරන කෙල්ලව බැන්දට උඹට මෙහෙම කරන්න ඕනි මම ! "

හහ්..ඒත් ඒක නෙමෙයි හරිනම් වෙන්න ඔනි ප්‍රොෆෙසර් බැන්ද කෙල්ලට ලව් කළේ විදත්...ඒත් ඒ කතාව ගාණක්ම නෑ වගේ ප්‍රොෆෙසර් ගෝස් පැකට් එකයි සේලයින් බෝතලෙයි අරගෙන පුටුවෙන් වාඩිවුණා..

"මේවට උඹෙන් රිටන් එක ගන්නවාමයි..
මගෙ දත් ටික පල්ලා..!!"

කකුල හොලවන්නවත් බැරි වෙද්දි විදත්ට එන්නෙ දරාගන්න බැරි කේන්තියක්..ඒ කේන්තිය සාධාරණයි..
නිකම් දෙයක් නෙමේනෙ කකුල්නෙ...

දත් පල්ලා..දත් පල්ලා දිවුරන්නෙ මොන මනුස්සයද..?? ඒ කිව්ව කතාවටද කොහෙද හැමවෙලේම හැංගිලා තියන කම්මුල් ,වළ ගැහිලා පිම්බෙද්දි කණ්ණාඩි දෙකත් ලාවට උඩට ඉස්සුණා.. ආයෙම ගෝස් කෑල්ලෙන් තුවාලෙ පිහින්න අත ගෙනිච්චෙ හිනාව තත්පර ගාණකින් එහෙමම අතුරුදන් කරගෙන...හිතුවට වඩා සෑහෙන ගැඹුරට කැපිලා වගේ..ගෝස් කෑලි දෙක තුනක්ම පෙගෙන තරමටම..

මීන් | MEEN Where stories live. Discover now