MEEN - 09 🐬

67 14 0
                                    

"අයෑව්..."

"ඈනුම් යවන්නෙ නැතුව ඉදපන්කො බල්ලො..."

"ආ..හා..හව්රි.."
විදත් ඈනුම ගිලගෙන ආපිට පොතට එබුණා..

"දැන් මේක හරි නෑනේ...
දවස් ගාණක් තිස්සෙ උඹ මේක අස්සට ඇවිල්ලා මොන ල&#* කළේ.."

ආහ් ලයිබ්‍රියට පාඩම් කරන්න ආවට පාඩම්වලට වඩා මතක හිටියෙ රියනාව කියලා කියන්නද ඉතින්..

"මේකට දෙදාහ දැම්මම හරිනේ.."
මේඝගෙන්නම් ලේසියෙන් බේරෙන්න බෑ කියන්න විදත් දන්නවා..එයත් අර බේරෙන්න හදන්නෙ අර හීන් නූලෙන්..

"නෑ යකෝ රසායනික සංයුතියත් වැරදියි..
මේකට ආක්ටික් සවුත් වල එකම දාන්න එපා !!
එතකොට පීඩනය වෙනස් වෙනවා.."

"අහ් හා ඉදපන් හදන්න..."

"මිලාන්...උඹේ අර නෝට් එක දීපන්.."

"ආහ්ව්...මොන ?"

"අර ෆිශේරියන් වල..එක්ස්ටින්ට් නෝට් එක.."

"ආහ් ඒක මම ළග නෑ බන්.."

"නැ කියන්නෙ උඹට මම එදා දුන්නනෙ ෆොටෝ කොපි ගහගන්න කියලා.."

"ඒක අමතක වුණා බන්.."

"මොන හු&#- බන් කරන්නෙ..
මූ ආවෙත් නැති එකේ උඹවත් ඒ ටික කළෙ නැද්ද ?
ලබන සතියෙ මිඩ් ටෙස්ට්..
තොපි මොනවද ලියන්න ඉන්නෙ.."

"ඔය මොනා හරි ලියනවා බන්.."

"අහ් හා..ලියපන්කො..මොන හු&#* හරි ලියපන්..
ලියලා ෆේල් වෙලා ආයෙ කියවන් එන්න එපා..
විශේෂයෙන් උඹ විදත් !! "
එකනම් විදත්ට තද රතු එළියක්..

"මොනා ලියන්නද බන්
අල්මේදා මොන ල&#*වත් කියලා දෙන්නෙ නෑනේ..
නෝටුත් නෑ එපාවෙනවා
රෙද්ද..!! "

"ඒත් ඌට පිස්සු කියලා අපිට නිකන් ඉන්න බෑනේ..."

"මේවට වගකියන්න ඕනි අර අවලං ලේනා බන්..."

"මොන ?"
විදත් කතාවට එන්ටර් වුණේ පෑන දත් අස්සට හිර කරගෙන..එයාටත් ඕපයක්නම් ඉතින්..

"අර අයිස් ඒජ් එකේ හිටියෙ..
ඌ අර ඇටෙන් ගහලා ලෝකෙ බෙදුවෙ නැත්තම් මෙහෙම වෙන්නෑනේ බන්..

"ඔව්..අපරාදේ උඹට ගහන්න කලින් ඇටේ අල්ලගන්න තිබ්බේ..."
මේඝ කිව්වෙ හිනාවීගෙනම..එනවා මෙතන ඇටයක් ගැන කියන්න !!

මීන් | MEEN Where stories live. Discover now