MEEN - 16 🐬

83 19 3
                                    

ලාවට රතු හැන්දෑවේ ඒ දෙන්නා අතර ආලයක් මේරුවෙ නැති වුණාට , බාධාවක් නැති මල් පාරක් නැතත් හිනීයට වැලි තියන වැල්ලෙ සේයා , විදත් එක්ක ලස්සනට පාද තිබ්බෙ සුන්දර සුන්දර ලන්දලාට නොදෙවෙනි වෙන්න..

සේයා ලෙගින් එකයි  කුර්තා එකයි එක්ක ෆුල් ඩාන්ස් මූඩ් එකේ හිටියට විදත්නම් නෝමල් සුදු ශර්ට් එකයි පෑන්ට් එකයි ඇදන් ඔහේ අර ඉන්නවට හිටියා..දකින අයටනම් මේ දෙන්නා හෙන රොමෑන්ටික් කපල් එකක්..ඒත් දන්නො දනිති ඉතින්...

"හරිනෙ..මම මෙහෙම කැරකිලා ආවට පස්සෙ ඉනෙන් අල්ලලා උස්සන්න.."

"අහ් හා..හරි..."
කොල්ලා හා කියන්නෙ බෑ කියන්න බැරිකමට...

"ඕකේ..රෙඩි.."

"Land in miami
The air was hot from summer rain
Sweat drippin' off me
Before I even knew her name la-la-la
It felt like ohh-la-la-la (yeah,no)"

කිව්ව විදිහටම සේයා ඩාන්ස් ස්ටෙප් එකෙන් ආවා..විදත් සේයාව ඉනෙන් උස්සලා උඩට ගත්තත් හරි ආපහු ලිස්සලා වැටුණෙ ඒත් එක්කම...

"ඒ අතාරින්න එපා අප්පා.."
සේයා මූණ ඇදකරගත්තෙ වාරුවට විදත්ගෙ උරහිසෙන් අල්ලගෙන..කෙල්ලට ඩාන්ස් කරන එකත් එපා වෙනවා මේක උස්සන උස්සන පාරට අතාරින්න ගත්තහම....

"ඉතින් උඹ හෙන බරයිනේ..."

"අනේ මේ නිකම් කෙල්ලො උස්සලා නෑ වගේ..විකාර නැතුව උස්සනවකො...."

"මම එහෙම උස්සලා නෑ හරි.."

"ඔව් මූණ දැක්කම පේනවා උස්සලා නෑම කියලා..හරි කමක් නෑ මේ ඩාන්ස් එකට මාව උස්සන්නකො ඒ ඇති..."

"ගිය පාර ඩාන්ස් කරපු සින්දුව මොකක්ද..?"
යාලුවෙක් වෙලා එයා මෙහෙම දුක් විදිනවනම් බෝයිෆ්‍රෙන්ඩ් වෙච්ච අනුරාධ් කොච්චර දුක් විදින්න ඇද්ද කියලා විදත්ට කල්පනා වෙන්න ගත්තා..

"තුම් අගර් කහෝ...ශාරුක්ගෙයි දීපිකාගෙයි..මම ඒකේ මියුසික් පාර්ට් එක මා...ර ආසයි..."

"අහ් මතකයි මතකයි..අර උඹ රෝස පාට සාරි එකක් ඇදන් හිටියේ.."

"අහ් ඔව් ඒක තමා..."

"ම්ම් ඒක ලස්සනයි..."
එදා රෑ ඇත්තටම විදත්ට ඒ  ඩාන්ස් එක හුගක් ෆීල් වුණා කිව්වනම් හරි..රෑ  නිදහසේ රැළි ගහපු මුහුද..දීපිකා වගේ හිටිය සේයා..අනුරාධ්ගෙ ශාරුක් වර්ශන් එක..විදත් ඒ ගමන්ම පරණ රැල්ලකට පණ දුන්නා..

මීන් | MEEN Where stories live. Discover now