" නිර්නාමික-30 "

Start from the beginning
                                    

නිරාශා : මේ තුහින ! උඹේ මේං මේ කුඩු අම්මියට කියපන් මාව මිනීමරුවෙක් කර ගන්නෙපා කියලා . හරිත ?

තුහින : මොනාද බං උඹ ඔය කියන්නෙ ?

නිරාශා : ඇයි ඇයි... ? ආව් බූරුවෝ... කොණ්ඩෙ අදින්නෙපා

තුහින : ආධිල් ඕක නවත්තනවා.

ආධිල් : මේකිගෙ කට වැඩී තුහින .

නිරාශා : ආ ඉදා... මාර පුත්‍රයා

ආධිල් නිරාශාගෙ කොණ්ඩෙන් ඇද්දම ඒ අතටම හැරුණ නිරාශා දඩ බඩෝස් ගාලා පිට මැද්දට එකක් දමලා ඇරියා .

තුහින : මෙහෙ වරෙව් .

එහෙම කිව්ව තුහින දෙන්නගෙ බෙලි දෙකෙන් අල්ලලා නිරාශවයි ආධිල්වයි දෙපැත්තට කළා .

නිරාශා : යා.... තුහින ඉදපු නිසා බෝ බේරුණා කියලා හිතා ගනිම් හරිතේ ඔළුබක්කා .

ආධිල් : ඇයි ඇයි.... අල්ලලා විසි කරනවා කොළඹට බලපන් . සරුංගල් පට්ටම .

තුහින : උඹලා නවත්තනවද නැද්ද ? මොනාද බං පොර කුකුළ්ලු දෙන්නා වගේ . මට ජීවිත කාලෙම උඹලගෙ රණ්ඩු බේරන්න වෙන්නෙ මේම ගියොතින් .

නිරාශා : හහ්... තුහින නිසාම හොදයි . නැත්නම් අර පොඩි කාලෙ කෑලි ගලවන බෝනික්කෙක් වගේ උඹේ අඩු හතර ගලෝලා බෙල්ල කදෙන් වෙන් කරලා ගිහින් කළු ගගට දානවා  .

ආධිල් : අනේ අනේ මේ . පගර නැට්ටි...

නිරාශා : පගර නැට්ටි ? තුහින මගෙ බෙල්ලෙන් අතෑරපම් . මං මූව අද කෑළි කපනවා .

ආධිල් : කෑළි කපලා කිලෝ ගානට විකුනන්නද ඇයි ?

නිරාශා : අපෝ... කවුද ගැට කිඹුල් මස් කන්නෙ . මී හරකෙක්වත් උණානම් ඔන්න සලා බලන්න තිබ්බා .

තුහින : අනේ යකුනේ ! මං යනවා යන්න .

එහෙම කිව්ව තුහින ඔළුවත් අල්ලගෙන එතනින් ගැලවිලා ගේ ඇතුළට යන්න ගියා .

ආධිල් : දෙන්නෙ බලපන් .

නිරාශා : ආ.... මං බකන්නිලං ඉදී කියලද හිතුවේ ?

එහෙම කිව්ව නිරාශත් ආධිල්ගෙ ඔළුවට එකක් ගහලා එතනින් දුවලා යන්න ගියා .

කට්ටියම වොශ් දා ගෙන ඉවර වෙද්දි රෑට කන වෙලාවත් ළං වෙලා තිබ්බා . හත විතර වෙන කොට ආධිල්ගෙ තාත්තාගෙ කාර් එක මිදුළෙ නවත්‍තපු සද්දෙ ඇහුණා . ඒ වෙද්දිත් කට්ටියම හිටියෙ සාලෙට වෙලා කතා කර කර . ආධිල්ගෙ තාත්තා ගෙට ගොඩ උණේ මූණෙ කිසිම හිනාවක් නැතිව උණත් කට්ටියව දැක්කහම ඒ මූණෙ මවාගත්‍ත හිනාවක් යාන්තමට ඇදිලා ගියා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now