<16>

27 5 0
                                    

🧡 ක්‍රිස්.....යන්න ලෑස්ති වෙයන්

දෙවනි පොත අල්ලන්න යද්දිම කේට් ආවේ පුරුදු ඩෙනිමයි කලිසමයි ඇදගන එකපාර යන්නෙ මොකද

🤍 ඇයි

🧡 මේ ටිකේ මෙහාට වැස්ස නිසා ශූට් කරන්න බෑලු....එතකල් පාලු ගෙදර ටික ශූට් කරමු කිව්වා

👨‍💼 කේට් ක්‍රිස් අපි හෙට තියන කෑලි ටික අරන් හෙට හවස යමු

🧡 ඒත් අන්කල්

👨‍💼 ජෝජ් කිව්වේ

🧡 ආ... හරී

👨‍💼 ඔයාලා පොඩ්ඩක් රෙස්ට් කරන්නකෝ

ඊටපස්සෙ කේට් මා එක්ක බර කතාවක් පටන් ගත්ත හින්දා මට පොතක් බලන්න උනේ නෑ....මගේ ඔලුවේ මේ වෙද්දි දැගලුවේ ක්වීන් අ_ජෙනා පොතේ තිබ්බ දේවල් එදා අපි ශූට් කරපු කෑල්ලේ බටහිර රාජ්‍යක් ගැන කියනවා ඒ කියන්නේ සෝයූන් සෝරා දෙන්නා යූරාට හොරෙන් බටහිර රාජ්‍ය එක්ක සම්බන්දකම් පැවැත්වුවද??
සෝරාද එහෙ කුමාරයෙක්ට ආදරේ කරේ??
හ්වාවෙන් අ_ජෙනාගේ යාලුවෙක් නම් ඇයි නගරේ ගිනි තිබ්බේ???

ප්‍රශ්න කෝටියක් මගේ ඔලුවේ එහාටයි මෙහාටයි යද්දි මගේ ඇස් ආය ගියේ පොත් හතරට

Waiting for you
Qween Ajeana
Second Wife
Moon Stone with Darkness

අ_ජෙනා කියන කතාවයි waiting for you කතාවෙයි සමාන කම් ගොඩක් තාම පොත නොකියවපු මට මගේ ඔලුවේ තියන යූරා ඩේවියන්ස් ආදර කතාවට වඩා ඇත්ත එක සම්පූර්නයෙන්ම වෙනස් කියල හිතෙනවා

🧡 උබට මම කිව්ව ඒවා ඇහුනද

පොත් ගැන හිත හිත හිටිය මම ආය මේ ලෝකෙට ආවේ කේට්ගේ කෑ ගැහිල්ලට මේ දවස්වල මම මනෝපාරවල් ගහනවා වැඩියි තමයි හැබැයි....

🤍 ඔව් බං....මේ පොඩ්ඩක් එලියට යමුද

🧡 වහිනවා බං

🤍 කුඩයක් අරන් යමුකෝ

🧡 උබට ඕන්නම් පලයන් මන් පොඩි නින්දක් දානවා

කේට් එහෙම්ම කොට්ටෙ බදාගද්දි මම දිග ගවුම උස්සන් කුඩයක් හෙව්වා....කුඩේ ඉදන්ම එක්දාස් හයසිය ගනන් වල ඒවා ෆිල්ම් බලලා තියන හින්දා මෙව්වා ඉහලන්න අකුලන්න දන්නවා ඉතින්

ඒ දවස එහෙම්ම ගෙවුනා ඊලග දවසේ උදේ අටේ ඉදන් හවස හය වෙනකල් එකදිගට කතාවේ සීන් ගත්තා

ගොඩක්ම තිබ්බේ මායි දේව්‍යි මරාගන්න කෑලි තමා ඩේව් සද්ද නොකර අපි දිහා බලාගන ඉන්නවා තව මගේ අයියයි අක්කයි මාව දාලා බටහිර රාජදානියට යන සීන් එහෙම තිබ්බා....මේ කතාවේ හිටිය නලුවෝ ටික මම කේට් ඩේව් දේව් ජෝජ් එක්‍රාන් විතරයි කොටින්ම මේ කතාවේ චරිත තිබ්බෙත් එච්චරයි වටේ පිටේ මිනිස්සුන්ට ගමේ මිනිස්සුම ගත්තා ඩිරෙක්ටර් අන්කල් නම් කිව්වේ කතාව යන්නේ එහෙම තමයි කියලා

හවස හත වෙද්දි ඔක්කොම බඩු පැක් කරගන වාහන වලට දැම්මා ඩිරෙක්ටර් අන්කල් කැමරාකාරයෝයි ඒ සෙට් එකයි එක්ක වෑන් එකේ තව කාර් දෙකක් තියනවා මම කෝකෙද යන්නේ

🖤 කව්ද මා එක්ක යන්න එන්නේ....

🦉 මේ සිටුවේශන් එකත් එක්ක මමයි ජෝජුයි ඩේව්‍යි ක්‍රිස් එක්ක යමු

🤎 මටයි කේට්ටයි කේස් එකක් නෑ අපි දෙන්නා යන්නම්

🖤 රයිට් එන්න කිව්ව තැන මතකයිනේ

🤎 ඔව්

මට මෙලෝ දෙයක් කියන්න තියා හිතන්නවත් හම්බුනේ නෑ කේට් මගේ පිටටත් ගහන් දේව් එක්ක කාර් එකට නැගලා ගියා ඊටපස්සෙ අර බුම්මට්ටා මගේ අතින් ඇදගන කාර් එකේ පිටිපස්සේ සීට් එකට දැම්මා එයා මගේ දකුනෙන් ජෝජ් මගේ වමෙන් එක්‍රාන් ඩ්‍රයිවින් සීට් එකේ

🦉 ජෝජ් මේ මගුල ස්ටාර්ට් කරන්නේ කොහොමද

🐇 එහා පැත්තේ සීට් එක උඩ පොතක් ඇති

මොකා???
මගේ හිත යාගන එන ක්‍රස් එක ජීවිතේට කාර් එකක් පැදලා නැද්ද අඩුම පදිනවා දැකලාවත්

🤍 ඔයාලගෙන් කාටද ලයිසන් තියෙන්නේ

🐇 මට විතරයි එක්‍රාන්ටත් නෑ ඩේව්ටත් නෑ....

🤍 ඇයි ඔයා ඩ්‍රයිව් කරන්නෙ නැත්තේ

🐇 එක්‍රාන් අපිව එක්කන් යන එක ආරක්ශිතයි...ඒකයි

වාව්....මගේ ක්‍රශ් එකට පට්ට මොලයක් තියනවා ලයිසන් නැති මනුස්සයෙක් ඩ්‍රවිව් කරන එක ආරක්ශිතයිලු දෙයියනේ මොනාහරි උනොත් ලෝකෙට නැති වෙන්නේ රටක් වටින ලොවක් දන්න තරුවක්

🦉 ගම පහු වෙනකල් ඔයාලා ශීට් බෙල්ට් දාගන ඉන්න හොදේ

ඩේව් ජෝජ් දෙන්නා බයෙන් වගේ මූනට මූන බලාගත්තා ඊලගට දෙන්නම ශීට් බෙල්ට් දාගන මගේ හරහට අත් දෙක දා ගත්තේ මාව වැටෙන්නේ නැති වෙන්න වොන්ඩර්ෆුල් ගමනක් යන්න පුලුවන් වෙයි වගේ

Waiting For YouWhere stories live. Discover now