<6>

11 1 0
                                    

ඒ එක්කම මම පැත්තකට කරලා තිබ්බ කර්ටන් එක පහලට වැටුනා දැන් මට මම ඉන්න තැනවත් හොයා ගන්න බැරි තරම් මාර කලුවරක් තිබ්බේ මම හොල්මන්ට බයත් නෑ හොල්මන් විශ්වාස කරන්නෙත් නෑ ඒත් මේ වෙලාවේ මට මොකක්ද හැගීමක් ආවා

කකුලෙනුයි අත් දෙකෙනුයි පාර පැහැදිලි කර කරම ඉස්සරට අඩි තිය තිය වටෙම ෆෝන් එක හොය හොය ටිකක් ඉස්සරහට ගියා අද උදේ ඉදන් වාසනාව හොදටම වැඩ කරපු හින්දා රෑ අවාසනාව වැඩ කරන්න වගේ කලින් වැටුන නූල්ඩ්ස් වලම ලිස්සලා මාව වැටුනා

නෑ නෑ
මාව කවුරු හරි අල්ල ගත්තා ඒත් මේ රෑ කොහෙද මාව අල්ලගන්න කෙනෙක් අර හොල්මන් ගෙදර හිටිය හොල්මනක් මගේ රූප සොබාවට වශී වෙලාවත් ඇවිල්ලද??
කියන්නත් බෑ ඉතින් මම ඒ තරම් ලස්සනයිනේ

?? එදා වගේමයි

එයා මාව හිමීට කෙලින් කරලා මට හැරෙන්නවත් නොදී මාව පිටිපස්සෙන් බදාගන උරහිස උඩින් ඔලුව තියාගත්තා එයා හොල්මනක් වෙන්න බෑ හුස්ම යන්නවා මාව මරන්නවත් මොකෙක්වත් ඇවිල්ලද??
කලුවරේ මට දැනුන එකම දේ එයාගේ මුලු ඇගම මාර සීතලයි එයා ගාවින් ආවේ හරී අමුතු සුවදක් ගොඩක් පරණ සුවදක්
එයා හුස්ම ගන්නවා දැනුනත් මගේ හදවත ගැහෙන සද්දෙ ඇරෙන්න වෙන සද්දයක් මට ඇහුනේ නෑ
ඒ වෙලාවේ මට කතා කර ගන්නත් අමතක උනා

?? මාව මතක නැද්ද

මහ රෑ කලුවරේ පිටිපස්සෙ ආපු මනුස්සයෙක් අදුරගන්න මට පිටිපස්සට ඇස් ඈනේ අනික රෑට ඇස් පේන්න මම වවුලෙකුත් නෙමේ මම ඉතින් ඔව්වා මූනට කියන්න ගියේ නෑ මොකද එයා මට පිටුපාලනේ ඉන්නේ නැත්තම් මූනට කියනවා

?? ඇත්තටම අදුරගන්න බැරිද....

ඒ පාර එයා ඇහුවේ හෙනම අසරණ වොයිස් එකකින් මට මතක විදිහට මට ex ලා නෑ මගෙන් කොල්ලෝ යාලුවෙන්න අහලත් නෑ මොකද මට ලයින් කරන් එන හැම එකාටම කේට් කිව්වා මට කොල්ලෙක් ඉන්නවා කියලා නැත්තම් මම ලෙස්බියන් කියලා එහෙව් යාලුවෙක් මට හිටියේ
බොරු බලාපොරොත්තු දෙන්න තරම් මම කොල්ලෝ ආශ්‍රය කරෙත් නෑ මොකක් හරි එකකට කොල්ලො මට බයයි වගේ එකක් තිබ්බා රගපාද්දි උනත් මම කිසි ඇක්ටර් කෙනෙක්ගේ නම්බර් එකවත් ඉල්ලගත්තෙ නෑ එයාලා මට දුන්නෙත් නෑ

ආශ්....මෝඩ ක්‍රිස් කොල්ලෙක් තමුසෙව බදාගන ඉන්නවා තමුසේ මගුලක් හිතනවා මම පොඩ්ඩක් ෆයිට් කරන්නත් දන්නවා ඉතින්
අල්ලන් ඉන්න එකාට බය කරන්න හිතන් මම එකපාර අනික් පැත්ත හැරිලා එයාට ගහන්න ගියත් එයා මගේ අත් දෙකම අල්ල ගත්තා

ඒ වෙලාවෙයි මම එයාගේ මූන දැක්කෙ...මූන කිව්වට ඇස් දෙක එයාගේ ඇස් දෙක එකපාර රතු වෙලා ආය නොපෙනී ගියා

ඒකට නම් මාව ටිකක් ගැස්සුනා මට හොදටම විශ්වාසයි මම ඒ දැක්ක දේ හිතේ මැවුන දෙයක් නෙමෙයි කියලා ඒ ඇස් වල පාට නිමිලස් යද්දි මගේ ඉස්සරහ තව මනුස්සයෙක් ඉන්නවා කියන්න තිබ්බේ එයාගේ ග්‍රහනයේ තිබ්බ මගේ අත් දෙකයි එයාගේ හුස්ම ගන්න සද්දෙයි විතරයි
මම හිතන්නේ මේ වෙලාවේ මම ඉන්නේ බය වෙලා නෙමෙයි පුදුම වෙලා එයා ග්ලැසියර් කන්දක් වගේ සීතල උනත් ගිනි කන්දක් ගාව ඉන්නවා වගේ මට දාඩිය දාලයි තිබ්බේ

?? බය වෙලාද

එයාගේ හුස්ම මට ගොඩක් ලගින් දැනුනා එයා මගේ උසට පාත් වෙලා ඉන්නවා වෙන්න ඕන සාමාන්‍යෙන් කොල්ලෙක් මෙහෙම වෙලාවක ආවම කෙල්ලෙක් මෙහෙම ඉන්න හොද නෑ ඒත් මේ වෙලාවේ මට දැනුනේ මගේ කකුල් පොළවට ඇලිලා වගේ හිත ඇරෙන්න මගේ මුලු ඇගම පණ නැති වෙලා වගේ වෙලාව නැවතිලා වගේ

?? ඔයාට මාව හොයාගන්නම බැරිද

ආය පාරක් එයා කතා කරේ මාරම කල කිරීමකින් එයාගේ වචන වලට මම මෝහනය උනා කිව්වොත් හරි මට ඉන්න තැන පවා අමතක උනා

?? එදා වගේම ලොකු කම නේද

ඒ පාර නම් එයාගේ වචන වල තිබ්බේ තරහක් එතකොටයි මම පියවි සිහියට ආවේ එයා කලින් කිව්ව ඒවා කිව්වේ පසුතැවීමකින් නෙමේ කලකිරීමකින් නිකම් එයාට දෙයක් ගන්න බැරි උනා වගේ කියලා මට තේරෙද්දි මට දැනුනේ ඒ කෙනාගේ හුස්ම ටික ටික මගේ බෙල්ලට ලන් වෙනවා

මේ වෙද්දි මට ඒ මනුස්සයාව තල්ලු කරලා දාන්න ඕන උනත් මට ඒක කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ




එකපාරටම.....

Waiting For YouWhere stories live. Discover now