" නිර්නාමික-27 "

Start from the beginning
                                    

නිරාශා : මේ තුහින !  කවුද අර උඹත් එක්ක රිසෝට් එකේදි කතා කරපු කොල්ලා ? අර සුදු උස එක්කෙනා . ආධිල් එතනට ආවෙත් එවෙළෙ මං හිතන්නෙ .

ශෙවෝන් ඩ්‍රයිව් කරන කොට ඉස්සරහා පැසෙන්ජර් ශීට් එකේ ඉදපු නිරාශා පිටිපස්සෙ ශීට් එකේ ඉදගෙන එන තුහින දිහාට හැරිලා ඇහුවෙ ආධිලුත් කට ඇරං ඒකට උත්තරයක් අහ ගන්න තුහින දිහාට හැරෙන කොට .

තුහින : අහ්... මේ ගෙවල් පැත්තෙ අයියා කෙනෙක් බං .

ශෙවෝන් : කවුද බං . ආධිලුත් එවෙලෙ එතනට ගියා නම් උඹ දැක්කෙ නැද්ද බං ? අනික කවුද මං නොදන්න ගෙවල් පැත්තෙ අයියා ?

ආධිල් : ආ.... මතකයි මට !

ශෙවෝන් : කවුද ?

ආධිල් : මොකද කොනිත්තන්නෙ ? එන්න එපා ඔව්වටනම් හරිත . ඉදපන් උගෙ නම මොකක් කියලද කිව්වෙ උඹ ? යුදාන්..... ආ හරි හරි යුගාන් . ඔව් ඔව් යුගාන් කියලා කිව්වෙ .

තුහින ආධිල්ට මරං කන සයිස් බැල්මක් දාලා ඉස්සරහා මිරර් එකෙන් ශෙවෝන් දිහා බලන කොට උගෙ මූණෙ මෙච්චර වෙලා තිබ්බ හිනාව නැතිම වෙලා ගියා . තුහිනට පුළුවන් කමක් තිබ්බෙ නෑ ආධිල්ට ඒක නොකියා ඉන්න කියලා කටින් කියන්න . කෙනිත්තුවෙත් ඒ නිසා . කොහෙද වක්කඩ ඇරියම වතුර නවත්තන්න බෑ වගේ කියලා දැම්මනෙ බූරු පුතා .

නිරාශා : මොකද උඹලා සද්ද වැහුවෙ ?

ආධිල් : කවුද ඒ යුගාන් ? කියන්නකො තුහින !

තුහින : ආ.... පස්සෙ කියන්නම් බං . දැන් ටිකක් නිදිමතයි මට .

නිරාශා :නේ උඹේ නින්ද ගහගනිම් කොහෙ හරි . ශෙවෝන් උඹවත් කියහන්කො බං...

ශෙවෝන් : අහ්... ම්..මොනාද නිරාශා ?

නිරාශා : කවුද යුගාන් අයියා කියන්නෙ ?

ශෙවෝන් : ම්ම්ම්... මං දන්නෑ නිරාශා . මං හිතන්නෙ..

ආධිල් : උඹලා දෙන්නා නොකියන දෙයක් තියෙනවා නේ ? හරි හරි කමක් නෑ . දැක්කනෙ නිරාශා . අපිට තමා ඔක්කොම වෙනස්කම් මුන්ගෙ...

නිරාශා : ඒක තමයි බොම්ක . ඔන්න ඔහේ ඒවා පැත්තකට දාලා මේ මයියොක්කා පෙම්තක් හපාම් බං .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now