තුහින : උඹ දන්නවනෙ බං . ඌ එදා එහෙම හැසිරුණේ මොකක් හරි වෙන හේතුවක් මත කියලා . මටත් පුදුමයි ඒ හැසිරීම ගැන .
යුගාන් : සමහර විට ශධිල් ගෙ හිතේ වෙන කවුරු හරි ඇති බං.
තුහින : මං හිතන්නෑ යුගාන් අයියෙ. ඌ එහෙනම් මට ඒක නොකියා ඉන්නෙ නෑ . මට විශ්වාසයි .
යුගාන් : ඒක නෙවේ උඹ කොහෙද බං දැන් ඉන්නෙ ?
තුහින : අපි කොළඹට පොඩ්ඩක් මෙහයින් ඉන්නෙ අයියෙ .
යුගාන් : අපි කිව්වෙ ?
තුහින : අහ් මමයි ආධිලුයි ශෙවෝනුයි .
යුගාන් : එකටද උඹලා ඉන්නෙ ?
තුහින : අනේ නෑ . වෙන වෙනම ඉන්නෙ . ශෙවෝන් නම්
ඉන්නෙ ටිකක් එහාට වෙන්න පන්නිපිටිය පැත්‍තෙ උන්ගෙ ගෙදරක .යුගාන් : ඒක නෙවෙයි බං . මං මේ ආවෙ යාළුවෙක් හම්බ වෙන්න . දැන් ඌ ඇවිල්ලත් ඇති . මං දැන් ගිහින් එන්නම් එහෙනම් . මේ මගේ කාඩ් එක . මට කෝල් එකක් දීපන්....
තුහින : හරි අයියෙ.... ගෙදර දිහා ඇවිත් යන්න වරෙන් ඈ....
යුන්හි : අනිවා !
තුහිනගෙ පිටටත් එකක් ගහපු යුගාන් එතනින් ඇවිදගෙන යන්න ගියා . යුගාන් ඇදලා හිටියෙ බ්ලැක් කලර් ශෝට් එකකට ක්‍රීම් පාට ටී ශර්ට් එකක් . ඒක හරි අහඹු මුණ ගැහීමක් වගේ තුජිනට හිතුණෙ . ඒත් එයාගෙ හිත කිව්වෙම ඒකට කොහේ හරිම හේතුවක් ඇති කියලා . තුහින ෆෝන් එකක් ගත්තෙ යුනිවසිටි එන්න දවස් දෙකකට විතර කළින් . ඒ නිසාම යුගාන්ගෙන් නම්බර් එක ඉල්ල ගන්නවත් හොයා ගන්නවත් තරම් කාලයක් තුහිනට තිබ්බෙ නෑ . තුහින ඈත යන යුගාන් දිහා අත් දෙකත් බැදගෙන බලං හිටියෙ හිතට හරි අමුතු හැගීමක් දැනෙන කොට .
ආධිල් : තුහින ! කවුද ඒ ?
තුහින : ගමේ අයියා කෙනෙක් බං . යුගාන් කියලා . ඒක දිග කතාවක් . මං ආධිල්ට පස්සෙ කියන්නම් .
ආධිල් : හ්ම් හරි එහෙනම් ... ඒක නෙවෙයි ඒක හරි ලස්සනයි .
ආධිල් කිව්වෙ තමන්ගෙ අතේ තිබ්බ මුද්ද දිහා හරිම ආදරණීය විදියට බලාගෙන .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...
" නිර්නාමික-27 "
Start from the beginning