කොච්චර කිව්වත් මං මුකුත් නොකියා සද්ද නැතුව හිටියා..බොරුකාරයා

" ආ දැන් උබ දොර අරින් නැද්ද.."

" අහ් නෑ නේ.. good night නේෂී..නිදා ගන්න ඒනම්.."

අහ් ගියාද ඔච්චර ඉක්මනට පරාජය භාර ගත්තද..ගියා තමා අඩි සද්දෙත් ඇහුන මට..ඇත්තමයි දැන් හැදෙන පොඩි උන්නම්..ඉක්නමට සැලෙනව නේ..

විනාඩි පහක් විතර යන්න ඇති අකේන්ගෙන් සද්දයක්වත් නෑ..තිබ්බ නිදි මතත් ගියා මගේ මේ හරක් පැටියගෙ වැඩ නිසා..

නාකි හෝන්තුවලු මට..මූ දන් නෑ මං කව්ද කියලා..හ්ම්ම් නාකි හෝන්තුව නෙවේ රටේම නම ගිය ගායකයෙක් යකෝව්..අපරාදේ කී දෙකෙන්නම් පස්සෙන් ආවද සීනි අප්පලා ඕනි තරම් පස්සෙන් ආවා..කොහෙද ඉතින් අන්තිමට කාලෙත් තරණය කරලා පොඩි එකෙක්ගෙ අතටනේ අහු උනේ..ම්හුක් මාත් රැවටුනා නේ මේකගෙ වචනවලට..

තවත් මේයාගෙ සද්දයත් නැති නිසා හේමීට දොර ලගට ගිහින් දොරට කන තියලා බැලුවා..සද්දයක් නෑ නිදාගෙනද ඇත්තට මෙයා.. එහෙම කොහොමද මගෙ නින්ද නැති කරලා මෙයා නිදා ගන්නේ..

ශේප් එකේ සද්ද නැතුව දොර ඇරලා මං එලියට ආවා..

" ආර්හ්හා..."

" ශ්...කෑ ගහන්න එපා යෝදියේ.."

කාමරෙන් එලියට එනකොටම අකේන් මාව පිටිපස්සෙන් බදා ගත්තා..

බොරුකාරයා..මේකගෙ තනිකර බොරුව තියෙන්නෙ..පෙනේද කපටිකම..

" අතාරිනවා.."

" බෑ අතාරින් නෑ.."

" එපා මට කිතී.."

අකේන් මගෙ බෙල්ල පාමුල නහය ගෑවී නිගෑවී අරන් යද්දි එයාගෙ හුස්ම නිසා මට කිතියක් දැනුනා..

" නිදා ගමුද.."

" නිදා ගන්න ඉතින්.."

" මගෙ ඇදේ.."

" ඔව් ඉතින් ඔයා ඔයාගෙ ඇදේ නිදා ගන් නැතුව මගෙ ඇදේ නිදා ගන්නද.."

" මගේ ඇදේ තමා ඉතින් අපි දෙන්නම.."

" නෑ නෑ මං මගෙ ඇදේ නි__අනේ අතාරිවා අකේන් තව්සෙ එක්ක නිදා ගන්නෙ නෑ මං.."

කියන්න ගිය එකත් කියන්න නොදී අකේන් මාව වඩාගෙන එයාගෙ කාමරේට එක්කන් ඇවිල්ල ඇදට විසික් කරා..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now