"මොන කොල්ලෙක් ගැනද රෙහානා කියවන්නේ"

"කවදහරි තෝ බදින එකා"

"රෙහානා ඇති මේ හොදටම."

"ඇයි මොනවද ඇති."

"ඕක නවත්තන්න. මටත් හිතක් තියෙනවා. මටත් රිදෙනවා."

"ඇයි දැන් උබට රිදෙන්නේ. මටනෙ මෙතන අසාධාරනේ උනේ."

"උබට උන අසාධාරණේ මොකද්ද බන්"

"උබ මට අකමැති උන එක"

"උබව බේරගන්න උබව ඔතනින් එලියට ගන්න මන් උබට ලන් උනේ. මට එහෙම feeling එකක් නෑ බන් උබ ගැන. ඇරත් මට කෙල්ලෙක්ව feel වෙන්නෑ."

"උබට මාව බේරගන්න ඕන්නන් මට කැමති වෙයන්. මටනම් උබව හොදට feel වෙනවා. උබව හොදටම ඇති මට hard වෙන්න."

සිරාවටම මට අප්පිරිය හිතුනා එවෙලෙ නම්. මන් call එක cut කලා. මට සෑහෙන්න අවුල් ගියා. ඒ දවස් වල අපේ තාත්තගේ business එකේ ප්‍රශ්න ගෙදර ප්‍රශ්න එක්ක මගේ ඔලුව විකාර වෙලා තිබ්බේ. ඒ අස්සෙන් A level stress එකත් මගේ ඔලුවට හොදටම වැඩිවෙලා තිබ්බේ. මන් ගත්තා මන් ගාව තිබ්බ paper cutter එක. කාටවත් කැලැල් පෙන්නැතිවෙන්න මගේ අල්ල මන් කපාගත්තා. ඒකේ වෙදනාවෙන් මගේ හිතේ තිබ්බ වේදනාව ටිකක් අඩු උනා.

ඔය වගේ messages, calls එන එක මට නිතරම පුරුද්දක් උනා. රෙහානා හැමදාම වගේ බීලා මට call කරලා බයිනවා. පහුවදාට ඒ සේරම මතක නැති කෙනෙක් ගානට කතාකරනවා. මට කියන්නවත් කෙනෙක් හිටියේ නෑ. චෙනාට කියන්න හිතුන්නෑ. චෙනා මාව අනිවාර්යයෙන්ම ඔතනින් අයින් කරන නිසා. එතෝට මට ඒකිව හොදකරගන්න හම්බෙන්නෑ. මට එන calls ප්‍රමානේ වැඩි උනා ඒත් එක්කම මගේ අතේ තුවාල වැඩි උනා. බැරිම තැන මන් රෙහානට කිව්වා මන් කැමති කොල්ලෙක් ඉන්නවා කියලා. මන් එ boy එක්ක යාලුවෙනවා කියල. එතනින් වත් රෙහානා මේ බීලා නාස්ති වෙලා පිස්සු නටන එක නවත්තයි කියල. ඒත් ඊලග දවසේ උනේ ඊටවඩා හපන් දෙයක්.

"බන් රිවී. මන් කියන එක හොදට අහගනින්. කලබල වෙන්නෙපා. රෙහානගේ අම්මා කතා කලා."

"ඇයි මොකද්ද උනේ. ඒකි මොකක් හරි කරගෙන ද"

"ඒකි ගෙදර බඩු මුට්ටු පොලේ ගහලා පෙරෙදා සේරම. ඒකිට කොල්ලෙක් වෙන්නොනේ කියල උබ කැමති කොල්ලොන්ට කියල"

"මන් වැරැද්දක් ද බන් කරන්නේ. මන් ඒකිට කැමති කියන්නද එක්කෝ. එතෝට මේ සේරම විසදෙයි"

"ඇත්ත කියපම්. උබ රෙහානට කැමතිද හිතලා කියපම්"

"මට එහෙම feel වෙන්නෑ බන්"

"කෝමද"

"මට ඒකිව මගේ lover විදියට දකින්න බෑ බන්. මට එහෙම හිතෙන්නෑ."

"ඒකියන්නේ උබට ඒකි ගැන love එකක් හිතෙන්නෑ."

"ම්ම්ම්ම්"

"ඇයි එ."

"එක මට කෙල්ලෝ feel වෙන්නෑ. දෙක එකි කොල්ලෙක් උනත් ඒ මන් හොයන කෙනා නෙවේ."

"රෙහානා පස්සේ තේරුන් ගනී බන්. උබ අකමැත්තෙන් ඒකිට හා කියලා පස්සේ ඔතනින් වෙන්නේ උබලා දෙන්නම තව තව විදවන එක. මොකද උබ එතන ඉන්නෙත් උබේ හිතේ සතුටින් නෙවේ. Just ඒකිගේ ඔලුව හදන්න. අපි ජිවිතේදි අනිත් අය වගේම අපි ගැනත් හිතන්නොනේ බන්. උබ අකමැති දෙයක් කරලා උබ විදවන්නෙපා. උබ උබ කැමති දෙ කරපම් මන් ඉන්නවනේ උබ එක්ක."

"ම්ම්ම්ම්.. උබ කියන එකත් ඇත්ත."

පහුවදා මට call එකක් ආවා රෙහානගෙන් ආයේ.

"අන්තිම වතාවට අහන්නේ උබ මට කැමතිද නැද්ද"

"බන් මට එහෙම feeling එකක් නැතුව උබ නිසා මට මාව පාවා දෙන්න බෑ බන්."

"මන් උබට වෛර කරනවා. උබව මට එපා. උබ මගේ ජීවිතේ කාලකන්නි කලා. මගේ ජීවිතෙන් අයින් වෙලා ඉදපම් කාලකන්නි ගෑනි. මෙහෙම මට අකමැති වෙනවනම් ඇයි ඒකාලේ මන් මැරෙන්න හදද්දි මට මැරෙන්න දුන්නැත්තෙ උබ. කියපම් මට උත්තර දීපම්."

මට හිතාගන්න බැරි උනා. මන් එහෙම්මම call එක cut කලා. මන් හොදම යාලුවා කියලා හිතන් හිටපු රෙහානමද මේ. ඇස්වලින් කදුලු වැටෙන්න ගත්තා මට. මන් එහෙම්මම බිමින් වාඩි උනා. මට හුස්ම ගන්න අමාරු වෙන ගමන් පපුවත් රිදෙන්න ගත්තා ටික ටික. මන් ඒකිව බේරගන්න ගිහින් අන්තිමට උනේ රෙහානා තව තව පිස්සෙක් උන එක විතරයි. මට මන් ගැනම තරහවක් ඇති උනේ. මන් රෙහානට අකමැති උන නිසානේ මේ සේරම. හුස්ම ගන්න එක හොදටම අමාරු උනා මට. තවත් ඉවසන් ඉන්න කිසිම හේතුවක් මට තිබ්බේ නෑ.

මන් එහෙම්මම මේසේ උඩ තිබ්බ Panadol card 2 අරන් එකපාර බීලා paper cutter එකෙන් මෙච්චර කල් කාටවත් නොපෙනෙන්න හොරෙන් කපාගත්තු අතේ මැනික් කටුව ලගින් කපාගත්තා. ලේ ගොඩක් බේරිලා පොලොව දිගේ ගලාගෙන ගියා දැක්කා මන්. මන් ඇහැරුනේ hospital එකේ ඇදක් උඩ. අම්මයි නන්ගියි අඩනවා හොදටම. අරුන් තුන්දෙනත් ඉන්නවා පැත්තකින්. මන් ඇස් ඇරියට කවුරුත් දැක්කේ නෑ.

"සදී... අපිට දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි. Hypnotized කරලා දූගේ ඔලුවෙන් මේ සේරම අමතක කරවමු..."

Love AlarmNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ