පේවුනා මටත් ඒක මූනේ එක හිනාවක් නෑ. බුම්මට්ටෙක් වගේ ඌ නිකන්. ඌ දිහා බලන් ඉද්දිම අම්මලා ආවා.

"අපි එහෙනම් ගිහින් එන්නම් සෙන්සේ."

"හරි ms දුවව ගන්න 8ට එන්නකෝ."

"පරිස්සමට ඉන්න එහෙනම්"

"හරි අම්මා බායි"

"පුතා අදට වාඩිවෙලා ඉන්නකෝ මොකද්ද කරන්නේ කියලා බලන් ඉන්න."

"ඕකේ සෙන්සේ"

අප්පොච්චේ පට්ට කම්මැලි. මුන් practice වෙනවා මන් බලන් ඉන්නවා මගුල. එතනින් අරූගේ තමා movements මරුම. උගේ මූනේ හිනාවක් නැති උනත් body එක මරු හැබැයි. එදා දවසත් ඉවරයි. චෙනා ආවේත් නෑ මේ week එකේ. ඒකි ආයේ එන්නේ next week එකේ. හත්තික්කේ හෙට campus. අයියෝ මහන්සී බලන් ඉදලා. අනේ අයියෝ ලොකුවෙන්න බෑ තව. පොඩ්ඩි ව දැක්කම අයියෝ ඒ sizeම ඉන්න තිබ්බනම් කියලම හිතෙනවා. එ සතියත් සුපුරුදු පරිදි ඉවර උනා. චෙනා ආවා අපි කොලබ වටේ ඇවිදින්න ගියා.

"ඒ ඒ අඩෝ අරූ අරූ"

"කව්ද මොකාද කෝ පේන්නෑ"

"අර අරූ බන් මන් කිව්වේ academy එකේ ඉන්න ඔරන් ඔටන්."

"අප්පටසිරි ඌ ද ඒ. ඌ හොදයිත් වගේ වැඩක් නෑ ඒත් still උබෙයි මගෙයි taste වෙනස්."

"වෙලාවට කොල්ලෙක් හින්දා බොටයි මටයි මරාගන්න වෙන්නෑ." 

"ඒකනෙවේ අරූ මොකද්ද අර කරන්නේ මහ දවාලේ. Jogging kit එකක් ඇදන්"

"මන් දන්නවදැයි මන් ඌදැයි උබ උගෙන් අහපම්"

"මට බෑ"

"ඇයි හෙට යන්නෙපෑ"

"අනේ උබත් වරෙන්කෝ"

"මට බෑ යකෝ මන් කැමති අතපය නවන්න යෝගා කරන්න මිසක් ඔය අතපය කඩාගන්න නෙවේ".

"අතපය නවාගෙන ගහගනින් තොගේ"

අයියෝ දෙවෙනි දවසටත් ආවා ඇකඩමියට මන් අද තනියෙන් ආවේ. බිබීව basement එකට දාද්දිම සුදු පාට අවුඩියක් ඇවිත් මාව overtake කරලා මන් දාන්න හදපු parking එකටම දැම්මා. ඌ ආවේ නිකන් ඌට හත්පන තියෙනවා වගේ. තව පොඩ්ඩෙන් මාවත් යට වෙනවා බූරුවා. මීහරකෙක් මූනම්. බිබීව දාන්න ඉඩකුත් නෑ. අයියෝ lift එකේ දොරෙන් හද්ද ඈතට වෙන්න අයිනේ තියෙනවා ඉඩක්. ඒ පැත්තට යන ගමන් බැලුවා side කන්නාඩියෙන් මොකාද මේ පුත්තලම් බූරුවා කියලා. අම්මටසිරි අරූ. උගේ හැල්මොනීගේ රයිස් ගරන්න. ඌ මේ පැත්ත බලන්නෙත් නැතුව වාහනෙන් බැහැලා lock කරන් ගියා. අයියෝ මාත් parking එකෙ කෙලවරෙන්ම බිබීව දාලා ගියා. මූ නම් සිරාවටම විසාල කරදරයක්. යද්දි පටන් ගන්න හදන්නේ. මන් සුටුස් ගාලා ඇදුම දාගෙන ආවා හෙන්චයියා වගේ තඩි ඇදුමක් ඇදගෙන. සෙන්සෙට greet කරලා අපි session එක start කරන්න ගද්දිම සෙන්සේ මටයි එතන හිටපු තව කෙල්ලෝ දෙන්නෙක්ටයි කතා කලා.

Love AlarmWhere stories live. Discover now