Chapter 52

245 49 15
                                    

"මැණික.."

ටේහ්‍යුන්ග් කාමරයට ඇතුලු නොවී කාමරයේ දොර ළග ඉදන් ගල් ගැසිලා බලන් හිටියේ එයාගේ ඉස්සරහ මේ සිදු වෙලා තියන ප්‍රාතිහාරය අදහා ගන්න බැරුව . ටේහ්‍යුන්ගෙ කෝපි දුඹුරු පාට ඇස් වල යන්තමට දිලිසෙන කදුළු පටලයක් දැනටමත් බැදිලා . ඒ කෝපි දුඹුරු පැහැ දෑස් ඔස්සේ එක එල්ලේ යාවෙලා තියෙන කලුපාට doe ඇස් වල පෙනුනේ කලබලයක් බයක් . අඩන පුංචි ලියාව පපුවට තුරුලු කරගෙන ජංකුක් ටේහ්‍යුන්ග් දිහා බලන් ඉන්නවා ඇස් පිල්ලමක් වත් නොගහා . තත්‍පරේකින් පංගුවක් ඒ මොහොතට ගත වෙන්න ඇති ඕන නම් .

"හියුන්..."

"කලබල වෙන්න එපා ... ඔහොම ඉන්න මැණික ."

ජංකුක්ගෙන් ඇස් අහකට නොගෙනම ටේහ්‍යුන්ග් ජංකුක් ළගට හිමීට කිට්ටු වෙලා පරිස්සමට ලියාව එක අතකින් වාරු කරන් එයාගේ දකුණු උරහිසට හේත්තු කරගත්තා . පුංචි කෙල්ල තාමත් ඉකිගසමින් අඩනවා . ඊළගට තමන්ගේ අනිත් අත ජංකුක්ගෙ ඉණවටා පටලවාගත්ත ටේහ්‍යුන්ග් ජංකුක්වත් තමන්ගේ පපුවට වාරු කරගත්තේ ජංකුක් බැලැන්ස් නැතිව ඇදගෙන වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී . ජංකුක් හිතේ ඇති වුන බයටම ටේහ්‍යුන්ගෙ උරහිස අස්සේ මූණ හංගත්තා .

"ඒ ශක්තිමත් බාහු අස්සේ ටේහ්‍යුන්ගේ මැණික් කැට දෙකම හුගක් පරිස්සම් ."

ටේහ්‍යුන්ග්ට උදව්වක් විදිහට ටේහ්‍යුන්ගෙ පස්සෙන් දුවන් ආව බෝගම් ටේහ්‍යුන්ග් ළගට ඇවිත් තාමත් අඩන පුංචි ලියාව ටේහ්‍යුන්ගෙ අතින් අරගෙන කාමරෙන් එළියට ගියා . ඒ උදව්වෙන් ටේහ්‍යුන්ග් ජංකුක්ව පරිස්සමට ඇදේ ඉන්දුවා .

ජංකුක් වාඩිවුන ගමන්ම ටේහ්‍යුන්ගෙ පපුවට තුරුලු උනා . ටේහ්‍යුන්ග් උනත් ලෝබ නැතුව එයාගේ හා පැටියව තුරුලු කරගත්තා . දේවල් කොච්චර වෙනස් උනත් කාලය මොන තරම් වේගෙන් ගත වෙලා ගියත් එයාලා දෙන්නා අතරෙ තිබුනු බැදීම එන්න එන්නම නැවුම් උනා මිසක් ඒ බැදීම පරණ වෙලා වටිනාකම අඩු උනේ නැහැ .

"මැණික...මේ වතුර එක බොන්නකෝ මුලින්.."

තාමත් ටේහ්‍යුන්ගෙ පපුව අස්සේ මූණ හංගන් බයේ වෙව්ලන අහිංසක හා පැටියට කතා කළේ ගොඩක්ම නිවුන හඩින් .

𝕋𝕚𝕘𝕖𝕣 𝕃𝕚𝕝𝕪 ||•Taekook• ✔ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin