"නිර්නාමික-14"

Start from the beginning
                                    

තුහින : මං උදේට එයාට කතා කරන්නම්කො අම්මා . මේ අනේ මට මෙයාව වඩා ගන්නෝන අම්මා . මං ඉක්මනින් නාගෙන එන්නද ?

අම්මා : ම්ම්... ඉක්මනින් එන්න . මං කවන්නම් . මහන්සිත් ඇතිනෙ...

තුහින : හරි අම්මා....
























තුහින ඉදියෙ පුංචි බබාවත් අත් වල තියාගෙන එළියෙ තිබ්බ බංකුවට වෙලා ඉදගෙන . උදේ අටට විතර තාත්තා ලෑන්ඩ්ස් වගයක් බලලා එන්න ගියහම අම්මත් කිචන් එකට ගියා . තුහින ගොඩක් වෙලා බලං ඉදියා තමන්ගෙ අතේ ඉන්න දුව දිහා .

තුහින : හලෝ... ප්‍රින්සස් . මෙහෙ බලන්න . මේ .... ආව් ආව්... ආ ආ අඩන්නෑ . කෝ කෝ .... ශ් ශ්...

කෙල්ල මූණත් ඇද කරගෙන අඩන්න කට හදා ගන්න කොට තුහින අම්මා ටිකකට කලින් දීලා ගියපු කිරි බෝතලේ සූප්පුව කෙල්ලගෙ කටේ ගැහුවා . ඇත්තටම එයා හරිම ලස්සනයි . රෝස පාට බෝල කම්මුල් තිබ්බෙ . හා පැටියෙක් වගේ සුදුයි . ඇස් දෙක තදම තද නිල් වගේ පාටක් තිබ්බෙ .

තමන්ගෙ අතේ ඉදපු කෙල්ලගෙ කනක දාලා තිබ්බ ලස්සන පර්ල් කරාඹුවක් අල්ලන ගමන් තුහින ලොකු හුස්මක් පහත දැම්මා . තවත් පැය භාගයක් විතර යනකොට තුහිනගෙ අතේම කෙල්ලට නින්ද ගිහින් තිබ්බා . බබාව ඇහැර වෙන්නෙ නැති වෙන්න හිමීට අම්මගෙයි තාත්තාගෙයි කාමරෙන් තියපු තුහින තිබ්බ කොට්ට ඔක්කොම බබා වටෙන් තිබ්බෙ ආරක්ෂාවට . තුහින රූම් එකෙන් එළියට එනකොටම වගේ නිම්නත් පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට ආවා .

තුහින : අයියෙ !

නිම්න : අහ්... තෙදස්වර .

තුහින : අයියෙ මට පොඩ්ඩක් කතා ක-

නිම්න : ම්ම් කරමු .

තුහිනවත් පහු කරගෙන ගියපු නිම්න ඉද ගත්තෙ එළියෙ ලොකු ඉස්තෝප්පුවේ තියලා තිබ්බ පුටුවකින් . නිම්නත් ගිහින් වාඩි වෙලා අයියා දිහා බලං ඉදියෙ දැන් කියපන් වගේ සීන් එකකින් .

නිම්න : මට ටික කාලයක් දියම් තෙදස්වර .

තුහින : පව් බං අර දරුවා . උඹලගෙ ප්‍රශ්න වලට ඒ අහිංසකී මොනා කරන්නද ?

නිම්න : මං යෙනූ තව ටිකක් ලොකු උනාම ඕස්ට්‍රේලියා යනවා බං .

තුහින : යකෝ.... අයියෙ උඹ මට මොකුත් නොකියා එක පාරටම ඕස්ට්‍රේලියා යනවා කිව්වම උඹ දන්නවද මට මොනාද හිතෙන්නෙ කියලා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now