"නිර්නාමික-14"

Mulai dari awal
                                    

ආධිල් : කීය උණත් කමන්නෑ . ගිහින් කෝල් එකක් ගනින් ...

ආධිල්ට ඔළුව වනපු තුහින නුවර යන්න පිටත් උණා . ඒ වෙද්දිත් හරියට ට්‍රැෆික් . හවස පහ කියන්නෙ කොළඹ අවට අහලකවත් ඉන්න එපා වෙන වෙලාවක් . තුහිනට කොළඹින් එළියට යා ගන්නම විනාඩි හතළිස් පහක් විතර ගියා . කොහොම කොහොම හරි රෑ නවයට විතර කිට්ටු වෙද්දි ගෙදරට එන්න පුළුවන් උණා . බයික් එක නවත්තලා තුහින ගෙට ඇවිදගෙන යන කොටම එයා ළගට ආවෙ අම්මා .

තුහින : මොකද අම්මෙ ?

අම්මා : අනුත්තර නිදි . පුතා එයා එක්ක උදේට කතා කරන දෙයක් කතා කරන්න . දැන් ඇහැරවන්න යන්න එපා....

තුහින : ඒත් මොකද්ද එයා මේ කරන වැඩේ තේරුම... කෝ තාත්තා .

අම්මා : තාත්තා වැඩකට එළියට ගිහින් . පාන්දර වෙයි එද්දි .

ඒ එක්කම වගේ ගේ ඇතුළෙන් පුංචි බබෙක් බෙරිහන් දෙන්න ගත්තම තුහිනගෙ ඇස් දෙක් උඩ ගියේ කටත් භාගෙට ඇරෙන ගමන් .

අම්මා : අයියෝ... මේ කෙල්ල ආපහු නැගිටලද ?

එහෙම කියලා තුහිනගෙ අම්මා එයාලගෙ රූම් එකට දුවන කොට තුහිනත් බෑග් එක බිමට විසිකරලා අම්මගෙ පස්සෙන් දුවගෙන ගියා . එයා යනකොට අම්මා ඇදේ කොට්ට මැද ඉදපු පුංචිම පුංචි පොඩි කෙලි පැටියව අතට අරගෙන හිමීට තට්ටුවක් දැම්මෙ නිදි කරවන්න කියලා .

තුහින : අ..ආම්මෙ ? අයියා !

අම්මා : ආ.... ඔව් ඔව් . උගේ පුංචි දෝණි තමයි මේ .

තුහින : වට් ? ඒකද අම්මා උදේ අච්චර අමුතුවෙන් කතා කළේ .

අම්මා : ම්ම්... මටත් තාම පුදුමයි බං . බලපන් මේ කෙල්ලගෙ ලස්සන .

තුහින : ම්ම්... ඇත්තමයි . අයියත් පොඩි කාලෙ මෙහෙම ඉන්න ඇති නේ ?

අම්මා : අයියා කෙසේවෙතත් උඹ නම් මේ වාගෙමයි . හැබැයි තෙදස්වර උබේ කොණ්ඩෙ මීට වඩා ටිකක් තිබ්බා.

තුහින : අම්මෙ මෙයාගෙ වයස කීයද ?

අම්මා : මාස හය හතක් ඇති මං හිතන්නෙ . අනුත්තර වචනයක්වත් කතාන්කරන්නෙ නෑ පුතේ . මාත් හාර අවුස්සන්න නොගියෙ උඹ එනවා කිව්ව නිසා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Tempat cerita menjadi hidup. Temukan sekarang