දහතුන්වන කොටස.

Start from the beginning
                                    

මට ඕනේ නම් එපා අම්මේ මම ඔවාට ආස නෑ කියලා ඉන්න තිබුණා.ඒත් ඒ ඇස් වල තියෙන අහිංසකම කම දිහා බලාගෙන මම කොහොම නම් එහෙම කියන්නද?










මම අම්මට මම ළග තියෙන වටිනම හිනාව දීලා පාර පැනලා ඒ පැත්තට ගියා. හැම මංගල්‍ය කාලෙට එන කට්ටියක් තමා මෙතන මුරුක්කු විකුණන්න හිටියේ. ඒ නිසා එයාලා ව අපි අදුණනව.එතන උන්න නැන්දා මාත් එක්ක හිනා වුණා.






“ නැන්දා මට බූන්දි සීයකුයි මෙන්න මේ මස්කට් එකක් දෙන්න. ”







මම එතන ඉටි කොලෙන් ඔතලා ලේබල් එක ගහල තිබුණු මස්කට් එකක් පෙන්නලා කියද්දී නැන්දා පරණ පිටු වලින් හදපු උරයක් අරගෙන බූන්දි කිරුවා.









එතන කෑලි කපලා ගන්න පුළුවන් මස්කට් තිබුණා. ඒව වලට කජු දාලා තිබුණු නිසාද කොහෙද ඒවා ගණන් ඒත් රසයි. පොලිතීන් එකේ තියෙන රතු පාට මස්කට් වල පැණි වලට වඩා තිබුණු පාන් පිටි. ඒ නිසා ඒව අඩුයි.








නැන්දා බූන්දි කිරලා ඉවර වෙලා කෑලි කපන්න පුළුවන් මස්කට් එකේ පිහිය අරගෙන ඒව කපන්න ගත්තා.








“ අනේ නැන්දා ඔවා එපා. මම කිව්වේ මේ රතු පාට පැකට් කරපු මස්කට් එක ගැන ”








නැන්දා කරේ හිනා වුණු එක විතරයි. තරමක් ලොකු කජු දාපු මස්කට් කෑල්ලක් කපලා ලංශිට් ඒකක එතුවා.







ඒත් එක්කම එතනට තව කොල්ලො රංචුවක් එද්දී නැන්දා ඔලුව උස්සලා එයාලටත් හිනා වුණා මන් එක්ක හිනා වුණා වගේ.

ඒත් එක්කම එතනට තව කොල්ලො රංචුවක් එද්දී නැන්දා ඔලුව උස්සලා එයාලටත් හිනා වුණා මන් එක්ක හිනා වුණා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

“ ඔය ළමයි ට මොනවද ඕනා?”




“ බූන්දි සීයක් දෙන්න නැන්දේ මට. උබල ඕනේ ඒවත් බලලා කියලා ගනින්. ”







ආඩම්බරකාරි Where stories live. Discover now