හත්වෙනි කොටස.

167 30 1
                                    







❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌







*         *               *                 *                 *                     






අද අලුත් සතියක අලුත් දවසක්. සඳුදා දවස , මට පෙන්න ම බැරි දවස ! ඉන්න වසවර්තීම ගුරුවරු සෙට් එකම එක පේලියට එන දවස සඳුදා දවස. සන්තකේටම තියෙන යුනිෆෝම් දෙකෙන් එකක් ඇදගෙන මම හිටියේ පන්තියේ කොරිඩෝ එක ළග ඉදගෙන ඔහේ ඒ දිහා බලාගෙන. තාම පන්තියේ කවුරුත් ඇවිල්ලා තිබුණේ නැ. මම උදෙන් ම ඇවිල්ලා.අප්පේක් නැති අම්මා එක්ක එදා වෙල හොයාගන්න අච්චාරු විකුණන මන් වගේ එකෙක් ට යාලුවෙක් කියලා කෙනෙක් ට හිටියේ එක්කෙනයි නිර්මාණි අබේවික්‍රම . අබේවික්‍රම  Group එකේ  අයිතිකාරයාගේ දුව.










එකෙක මට්ටම ක එකෙක පවුල් පසුබිම් එක්ක ඉන්න ළමයි අතරේ මම හිඟන්නෙක් ගේ තැන ට පන්තියේ අය දාලා තිබුණා. මොනවා කරන්නද ලබා උපන් හැටි ! හැබැයි මම දිහා එහෙම නොබලපු එකම කෙනා නිර්මාණි විතරක් වුණා. හරි පුදුමයි නේද? සල්ලිකාර අප්පෙක් ගේ සල්ලිකාර දෝණි නැන්දා මම වගේ අච්චාරු කොල්ලෙක් ව යාලුවෙක් කරගෙන ඉන්නවා? ම්ම්ම් සල්ලි තිබුණත් නිර්මාණි ගේ විතරයි පොඩි පන්තියේ උන් ව තලන්නේ නැති ව එයාලත් මිනිස්සු කියලා හිතලා සැලකුවේ.




‘ හවසක මා....
නුඹ දැක මන් මුලා වී...
නිරු දැක කතරේ තනි වූ දා ...
තනි තරුවක්...
නිවැරැදි පාර කීවා...
කතරෙන් එන මඟ මට කීවා....
හවසක මා.....🎶’






“ මොනවද හලෝ  මුමුණ මුමුණ කල්පනා කරන්නේ? ”





නිර්මාණි ගේ කටහඩින් මේ  ලෝකෙට ආපු මම නිර්මාණි දිහා බලලා හිනා වුණා. මගේ එහා පැත්තේ පුටුවේ ඉඳගෙන ඩෙස්ක් එකට අත තියාගෙන අත ට බර වෙලා නිර්මාණි ගේ රවුම් මුන තිබුණා.කොන්ඩේ කරල් දෙකක් ගොතපු වාත්තු කරලා වගේ ඇදගෙන ඉන්න යුනිෆෝම් ගවුමට නිර්මාණි හරි ලස්සනට පෙනුනා. පන්තියේ උන්නු ලස්සනම කෙල්ල නිර්මාණි වුණා.





ආඩම්බරකාරි Where stories live. Discover now