හතරවෙනි කොටස.

233 40 3
                                    



❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌



*                 *                 *                 *                      *










' ගීෂ්! ඔයා කොහොමද ඔහොම කරේ ! අනේ මගේ පුංචි හාමු අනේ නැගිටලා ඇවිත් මාව තුරුල් කරගනින් මගේ මැණිකේ '









' ගිෂ්හ්! '













'“ගිෂ්!!!!”
මම ගැස්සිලා නැගිට්ටා! වේලාව පාන්දර 4.15 යි. ඇස් අත් අල්ලෙන් පිහ දාපු මට දැනුනේ තෙත ගතියක්!අදත්  මම අඩලා ද ? ඒත් මොකටද? කවුද ගිෂ්? ඔලුව දෙපැත්ත මිරික ගන්න ගමන් හෙඩ් බෝඩ් එකට මම හේත්තු වෙලා හිතුවා ! කවුද ඔයා ගිෂ්? ඔයාව හොයලා මට ඇති වෙලා ! මේ හැම දේම පටන් ගත්තේ වාර විභාගේ ට සති තුනක් විතර තියලා. දවස ගානේ ස්කෝලෙ වගේම පන්ති බඩ ගාපු මට පල්ලිය ට යාගන්න පුළුවන් වුණේ ෆාදර් අනිවාරෙන් එන්න කියලා දැනුවත් කරොත් විතරක් වුණා. ඒකෙන් මගේ නිදහස අඩු වෙද්දී පොත් වලට ම හිර වෙලා උන්නු මාව නිදාගන්න ටික ට ඒ නින්ද නැති වුණා මේ විකාර හීන නිසා.





මේ ගෙවෙන්නේ ol වල අවසාන වාර විභාගේ නිසා කොහොමත් මට හෙලවෙන්නවත් වෙලාවක් නැති වුණා. මේ අල්ලගත්තු ගැම්මෙන් ම exam එක ඉවර වෙනකම් පාඩම් කරගෙන ගියේ නැති වුනොත් ඔක්කොම අනාගෙන තමා මම නතර වෙන්නේ.

*



*




*




දින සති ඉවර වෙද්දි  ol exam සතියත් අත ලඟටම ආවේ මට exam කියන අකුරු හතරත් එපා ම කරලා. හෙට ආගම විභාගේ වෙද්දී මම ආච්චූපොත පෙරලගෙන මතකයෙන් මතක් කරන ගමන් හිටියා.






ඒ එක්කම මට මතක් වුනේ විද්‍යාව හෝල් ක්ලාස් එක. අහම්බෙන් අච්චාරු කඩේකදි හම්බුනු ඒ කොල්ලො මට හිතා ගන්න බැරි විදියට විද්‍යා පන්තියේ දී හම්බවුණා. ඒ ඇස් වෙනදාට වඩා හුරු පුරුද්දක් මට දැනුනා වුණත් ඒ ඇයි කියලා හිතා ගන්න බැරි වෙද්දී ඉස්සරහ පේළියේ උන්නු එයා දිහාවට මගේ ඇස් ගියේ සර් ඉන්නවා කියලත් අමතක වෙද්දී.









ආඩම්බරකාරි Where stories live. Discover now