දොළොස්වන කොටස.

148 24 3
                                    


❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌

*          *               *                 *                 *       


             
“ ෆා-දර්? ”




එයා මන් දිහා බලලා ෆාදර් දිහා බලලා කතා කරද්දී ෆාදර් යන්තමින් හිනා වුණා. මටත් මුණ දෙන්න අමාරු ගතියක් දැනුනු නිසා මම ඉස්සරහ ම බලාගෙන උන්නා.






“ මේ දේවල් හොදට කරගන්න මේ දේවල් දන්න කියන කෙනෙක් අපිට ඕනි පුතා. ලබන සතියේ දිහාවට ඤන කාන්තිය වෙනුවෙන්  ෆාදර් කෙනෙක් මෙහාට එනවා කීප දවසකට. අපිට එයාගෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි. එතකන් ඔය දරුවෝ දෙන්නම හොදින් පරිස්සම් වෙන්න. ඔයාලගේ ආරක්ෂාවට ඉන්න හොඳ අත්මයට පින් සිද්ද වෙන්න දැනට  ඔය දරුවන්ට අනික් ආත්මය ට මුකුත් කරගන්න බැහැ. ඒත් මම මේ නුල් දෙක ඔය ළමයි ගේ අත් වල බදින්නම් ඔයාලා ලඟට අඩි කිහිපයක් වත් ලඟට එන්න බැරි වෙන්න ආත්මයක ට ”








“ ඒ වගේම පුතා යසිත් , දිගටම පල්ලියට එන්න මම පුංචි පුංචි දේවල් කියලා දෙන්නම් ඔයවගේ  අවශ්‍ය වෙලාවක ඔය දෙන්නගෙම ආරක්ෂාවට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඔය දෙන්නා හොදට දැන හදුනගන්න  ගෙදර අයට දැන් ම මුකුත් කියන්න එපා අපි තත්වේ බරපතල වේගෙන අවෝතින් කියමු නැත්තම් ගෙදර අයත් බය වෙයි පුතා. ”






ෆාදර් නූල ගෙට ගහලා නලලින් කුරුස සලකුණු අදින ගමන් කියද්දී අපි දෙන්නා ඔලුව වැනුවා .  ෆාදර් අපි දෙන්නා දිහා ම බලලා හිනා වෙලා එයින් ගියා.









පෙන මානේ තියෙන පල්ලිය ඇතුලේ යාච්ඤා කරන සද්දෙ ඇරෙන්න කිසිම සද්ධයක් නැ . මෙතන පුදුම විදියට නිහඬයි.  මාත් එක්ක උන්නු කොල්ලා තවම බලාගත්තු අතේ බලාගෙන වගේ ඉද්දී මම ලොකු හුස්මක් පහළ දාලා බිත්තිය අයිනක තියෙන මාළු ටැංකිය දිහා බලාගෙන හිටියා.









කලින් ආත්මේ කොහොම වුනත් දැන් මේ වෙන දේවල් ෆාදර් කියන දේවල් නිසා මටත් හෙනම අපහසුවක් දැනෙන්නේ. මේක දියුණු කාලයක් තමා ඒත් කලින් ආත්මෙක කොල්ලෙක් ට ආදරේ කරලා ආයෙමත්  මේ ආත්මේ පවා ආදරේ කරන්න වෙන එක හරි අමුතුයි. එක කියන්න තේරෙන්නේ නැති වීදියේ අපහසුතාවක්.






ආඩම්බරකාරි Hikayelerin yaşadığı yer. Şimdi keşfedin