දහවන කොටස.

148 27 3
                                    

❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌



*          *                *                 *                 *                     









රබර් ගස් වලින් වැහිලා තියෙන ලංකා අපේ ස්වාමි දූගේ බැසලිකාව එහෙමත් නැත්තම් කට වචනෙන් කවුරුත් දන්න  තේවත්ත පල්ලිය . මම හිටියේ මාසේ දෙවෙනි සතියේ දිව්‍ය පූජාවේ ඉදගෙන අත් වැදගේන ඇස් වහගෙන.










නොතේරෙන අමුතු හැඟීමක් මගේ හිත අස්සේ හොල්මන් කරනවා , දිව්‍ය පූජාව පුරාවට කියන ‘ දෙවියන් වහන්සේ වෙත  හිත් යොදවන්න ’ කොච්චර කිව්වත් මට කරන්න බැරි දේ එක වුණා. මේ පල්ලියට අඩිය තිබ්බොත් මට හුස්ම ගන්න එක පවා හරි අමාරුයි.











පඩරු  පෙරහැර ඉවර වෙද්දි ඊළඟට තිබුණේ දිව්‍ය සාත්ප්‍රසදය ආශීර්වාද කිරීම. දෙවියන් ඉදිරියේ ආශීර්වාද කරලා තමා එක දානය කරන්නේ. පුංචි කාලේ නම් පල්ලියකට ගියාම ඕක හරිම පුදුම හිතෙන දෙයක් . හැමෝම රවුමක් කද්දී පුංචි අපි ඇස් ලොකු කරන් බලන් ඉන්නවා එහෙමත් නැත්තං මුණ නරක් කරගෙන ඉන්නවා අපිට දෙන්නේ නැති එකට.









ඒත් තේරෙන වයසේ අපිටත් දානය කරද්දී ඊළග ට තියෙන ප්‍රශ්නය ෆාදර් ලොකුම ලොකු රවුමක් ( පූපයක්) කද්දී අපිට චූටි ඒව දෙන ඒක.








පුංචි කාලෙට ගිහින් ආයේ මේ ලෝකෙට එද්දී මම නලලට අත් තියලා දොහොත් මුදුන් දීගෙන දන ගහගෙන හිටියා හැබැයි විනාඩි කිහිපයයි. ආයෙමත් කැරකිල්ල, හුස්ම ගන්න බැහැ.









මම එහෙන්මම බංකුවේ ඉද ගත්තේ ඔලුව අල්ලාගෙන මේ පල්ලියට අවොත් මට පොඩි වෙලාවක් විතරයි සිහියෙන් කෙලින් කටින් ඉන්න පුළුවන් . ඒත් අමාරුවෙන් දිව්‍ය සත්ප්‍රසදය ගත්තම ආයෙමත් ඒ ගතිය හරියනවා.






මගේ එහා පැත්තේ උන්නු අම්මා හැමදාම වගේ ඉක්මනට මාව වත්තන් කරගත්තා බංකුව ට. අවුරුදු 17 පාස්කු පූජාව දවසේ ඉඳන් එක දිගට මෙහෙම වෙන එක අම්මා දන්නවා. හැබැයි ඒ මේ පල්ලියට අවෝත් විතරක් වෙන සිද්ධියක්. වෙන කිසිම පල්ලියකදි මෙහෙම වෙලා නැ.









ටික වෙලාවක් ජේසුස් වහන්සේ දිහා බලගෙන් උන්නු මම අම්මත් එක්කම ආවේ කොන්ත කඩේ එහා පැත්තේ තියෙන ලැබුම් ගේයට. එතනට යද්දිත් ෆාදර් කෙනෙක් ඉදගෙන උන්නා. පොඩි මෙසෙක ශුද්ධවූ ජලය දාපු  sprinkler  එක තිබුණා.






“ ආපු කාරනාව කිව්වනම් අම්මා.”




“ ෆාදර් මගේ පුතාට පල්ලියේ පූජාවට ඇවිල්ලා දිව්‍ය සතප්‍රසාදය ට කලින් දාඩිය දාලා හුස්ම ගන්න අමාරුවනවා නිතර නිතර ෆාදර්. එහෙම වෙන්නේ ඇයි ෆාදර්? අනික මේ පරිසරේ ඇතුලේ මට දැනෙනවා මගේ පුතා ඉන්නේ  හරි අමාරුවෙන් කියලා  ෆාදර්.”
මගේ අම්මා මගේ ඔලුව අත ගාන ගමන් ෆාදර් ට කියද්දී ෆාදර් නිහඬව මම දිහා වගේම අම්මා දිහා බලලා ආයේ ඇත අහස දිහා බලාගෙන හුස්මක් පහළ දැම්මා.







“ එකට හේතුව මේ භූමිය ඔය දරුවාගේ කලින් බවේ එක්ක සම්බන්ධ නිසා අම්මේ.”
ෆාදර් කියද්දී අකුණක් ගැහුවා වගේ මම අම්මා දිහා වගේ ම ෆාදර් දිහා බලද්දි අම්මගෙත් වැඩි වෙනසක් නැ මම වගේ ම ෆාදර් දිහා බය වෙලා වගේ බලන ගමන් මගේ අත තද කරලා අල්ල ගත්තා.







“ ෆා.. ෆාදර් ! ඒ..ඒ කිව්වේ? මගේ පුතාට මොනවා වෙලාද?”








“ ඔයා දරුවාගේ  කලින් ආත්මේ මේ පල්ලිය ඉදි වෙන්න කලින් ගෙඋණු කාලයකට අයිති අම්මා. ඔය පුතා වගේම පුතාගේ  ජිවිතේ  පුතා ආදරේ කරන කොල්ලා එක්ක ඔය පුතාට තියෙන්නේ සංසාර බැඳීමක්. මම හරි නම් ඒ කෙනා දැනටම ඔයාගේ ජීවිතේ ට ඇවිල්ලා ඇති.. හ්ම්..... මේ දේවස්ථාන අඩවියේ ගොඩ නැගෙන්න කලෙකට කලින්  ඔය පුතා මේ වත්තේ තිබුණු වලව්වේ හාමු වෙලා හිටියා.ඒ වගේම  ඔය දෙන්නගේ කලින් බවේ හමු වුණේ වගේම ඉවර වුණේත් මෙතනින් පුතා! ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිටෙන් ආයෙමත් ඔයාලට මගින් නතර කරන්න වුණු කලින් ආත්මේ මේ බවේදි සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි ! හැබැයි බාධක එයි ඒ දේවල් වලට මුහුණ දෙන්න ”









“ මගේ පුතා ට....කලින් ආත්මේ මොකද වුණේ ෆාදර් ? අනික් දරුවා ට මොකක් ද වුණේ? ”











“ කලින් බවේ ගැන වැදගත් නැ දරුවෝ! පුතාට මෙහෙම වෙන්නේ කලින් ආත්මේ පුතා මේ පරිසරේ ම මැරුණු නිසා. ඒත් මේ බවේ ඔයාලගේ කතාව ගොඩක් දුරට වෙනස් වෙයි කියලා මම හිතනවා ”










ෆාදර් මගේ ඔලුව අත ගාලා කුරුස සලකුණ නළලේ ඇදලා එතනින් යන්න ගියේ මම අම්මා ව බදා ගනිද්දී.මේ මොනවද දෙවියනේ වෙන්නේ? මම ඇතින්  පල්ලිය දොර ඇතුලෙන් පෙන ජේසුස් වහන්සේව කුරුසයට ඇන ගසල තියෙන පිළිරුව දිහා බලාගෙන හිතන්න ගත්තා.











Hyyyy...🌝





Geethi

ආඩම්බරකාරි Where stories live. Discover now