"නිර්නාමික-7"

Start from the beginning
                                    

තුහින : ම්ම්... උඹව දකින්නත් ආසාවෙන් ඇත්‍තෙ . නොයා ඉන්නැතුව අනිවාර්යයෙන් ගිහින් බලලා වරෙම් .

ආධිල් : ම්ම්.... ඒක නෙවෙයි නිම්න අයියා මොකෝ ?

තුහින : අහ් .... ඌ බැන්දා බැන්දමයි මං දැක්කෙ නෑ යකෝ. බැන්දට පස්සෙත් ගිය්ස් අවුරුදු එක හමාරටම ගෙදර ඇවිල්ලා තියෙන්නෙ එක පාරයිනෙ බං. ඒ එද්දිත් මං ඉදියෙ නෑනෙ . අනික මාසෙකට එක කෝල් එකක්වත් ගන්නෑනෙ . අයියා ගැන නම් මට
තේරෙන්නෑ බං .

ආධිල් : ම්ම්....බලාම් ඒකෙත් හැටි . අපි හැමෝමටම එක එක විදියෙ ප්‍රශ්න තියෙනවා බං .

තුහින : ඔව් ආධිල් , අපිට තියෙන්නෙ වෙනස් ජීවිත විතරයි . එකම අහසක් යට . අපිට තියෙන ප්‍රශ්න ලොකු පොඩි කියලා වෙන් කරන්න බෑ . මොකද අපි ඒකට මුහුණ දෙන්නෙ කොහොමද ? ඒ මතයි ඒකෙ ලොකු පොඩි බව රදාපවතින්නෙ .

ආධිල් : ම්ම්.... උඹ හරි බං . මට හිතා ගන්න බැරි දේවල් ගොඩයි උඹ ගැන .

තුහින : ඇහ්.... ඒ මොනාද බං ...

ආධිල් : උබට වැඩක් නෑ . මං එහෙනම් තියන්නම් බං . දැන් කාලා නිදා ගන්නෝන. ... ගුඩ් නයිට්

තුහින : ම්ම්....යූ ටූ.

ෆෝන් එක ඇද උඩට දාපු තුහින බැල්කනි එකට ගිහින් ටිකක් වෙලා අහස දිහා බලං ඉදියෙ අමුතු සතුටකින් . සමහර විට කාලෙකින් ගෙදර ආව නිසා වෙන්න ඇති ....

" අයියෙ ? එක සැරයක් ඇවිල්ලා අම්මවයි තාත්තවයි බලලා යන්න බැරි ඇයි උඹට ...? හ්ම්.... "

තනියම මුමුණපු තුහින ගිහින් ඇදට වැටුණෙ නිදා ගන්න හිතා ගෙන.
සුපුරුදු විදියට තවද් දවස් ටිකක් ගෙවීගෙන ගියේ ආධිල් තමන්ගෙ වැඩ ටික ඉවර වෙන කොට . අද විසි නම වෙනිදා උදේ අටට විතර ආධිල් ගෙදර එන්න පිටත් උණා . තුහිනගෙ වගේ නෙවෙයි ආධිල්ගෙ ගෙවල් වලට කොළඹ ඉදන් මහ දුරක් තිබ්බෙ නෑ . ආධිල් ඉදියෙ කළුතර . කොළබ ඉදන් පැය එකහමාරක දෙකක දුරනෙ ඕන නම් . උදේ ට්‍රැෆික් නිසා ආධිල්ට ගෙදරට එන්න උදේ 10:30 ට විතර කිට්ටු කළා . ආධිල්ගෙ ගෙදරට මහ පාරෙ ඉදන් තිබ්බෙ මීටර් දෙසියපනහක විතර පොඩි දුරක් . බස් එකෙන් බැහැපු ආධිල් බෑග් එකත් කරේ දාගෙන හිමීට ගෙදරට ඇවිදගෙන ගියා . ගේට්ටුවත් ඇරගෙන ඇතුළට ගියපු ආධිල් දැක්කෙ මිදුළෙ අයිනකට වෙලා පොල් ගහක් උඩ බලාගෙන ඉන්න තමන්ගෙ අම්මව . සද්ද නැතුවම ආධිල් එතනට යන්න හදනකොට අම්මට ඉව වැටිලද කොහෙද අම්මා බැලුවෙ මිදුළ දිහා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now