32 කොටස ✴️

1K 226 17
                                    

ගාඩ්ස්ල සීයක් දෙසීයක් අතරින් හරි මගෙ උන් මූව මන් ලගට ගෙනාවෙ ලොකු ගේමක් දීල.. මම ඉන්න පලාතෙම හොටෙල් එහෙකට මූ ඇවිත් තිබ්බෙ ඩ්‍රග්ස් ඩීල් එහෙකට වෙද්දි මගෙ උන් ඒ හොටෙල් එකේම රූම් බෝයිස්ල විදිහට ගිහින් රාජුගෙ ඩ්‍රින්ක් එකට මත් පෙති දාල මූව කුණු බැරල් එහෙක දාගෙන ඔය හොටෙල් එකෙන් එලියට ගේන්න මගෙ උන් සෑහෙන්න කට්ටක් කාල තිබ්බ..

ඉතින් හැංගි හැංගි මට ගේම් දුන්න රාජු දැන් මගෙ ඉස්සරහ බලු වෙලා ඉද්දි මට පුදුම සතුටක් දැනුනෙ..මොන පාතාල කාරයත් උගෙ හෙන්චයියො ටිකත් පිස්ටල් එකත් නැති තැන අන්ත අසරණ වෙනවා කියල අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ..

අන්න ඒක තමයි දැන් රාජුට වෙලා තියෙන්නෙ.. රෙන්න බරේ වගේ මන් දිහා බලන් ඌ ඉද්දි මම උගේ කටේ ගැට ගහල තිබ්බ රෙදි කෑල්ල අයින් කරල දැම්මෙ ඌ ඒත් එක්කම හයියෙන් හයියෙන් හුස්ම ගද්දි..

ආ...සි...මාව...මොකටද...මෙහෙට...ගෙනාවෙ...කියපන්...

ඌ වචන අහුල අහුල මගෙන් අහපු දේට මම කට කොනින් හිනා උනා..

ගෙනාවෙ උබ එක්ක සෙල්ලමක් කරන්න.........

උබ...ට...මගෙ...පවුල....මරා..ගත්ත.. මදි...උනාද...යකෝ...දැන්...මාවත්.. මරන්න...හදන්නෙ......

රාජු කියපු දේට ඉනටත් අත් දෙක තියාගෙන හිනා උන මම බිම බලන් හුස්මක් පිට කරා..

නෑ රාජු නෑ.. උබට එක තැනක් වැරදුනා.....

මම උගෙන් අඩි දෙකක් ඈතට ගිහින්  ඌට පිටු පාල හිට ගත්ත..

උබේ පවුල මැරුවෙ නම් මම නෙමෙයි...හැබැයි උබ ඒ නිසා මට කරේ ලොකු වරදක්....

දත් මිටි කාගෙන මම එහෙම කිව්වෙ..

රෙඩ්ඩි තමයි මේ හැමදේම කරේ ඒ අසහනකාරය මේ විනාසෙට හේතුව..ඌ උබේ ගෑණිට කෙල හලන්න ගත්තා..ඒත් උබෙ ගෑණි උබ දුන්න ආදරේට පිටු පෑවෙ නෑ.. අන්න ඒ නිසා තමයි උබෙ මුලු පවුලම ඌ නැත්තටම නැති කරල දැම්මෙ..හැබැයි උබ හිතුවෙ මම උබේ පවුලෙ උන්ව මරල දැම්ම කියල..එහෙම වැරදි වැටහීමක් හිතේ තියාගෙන උබ මගෙ අහින්සක අක්කව මරල දැපු එක උබ හිතන්නෙ සාදාරනයි කියලද පරයො................

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now