16 කොටස ✴️

1.4K 313 51
                                    

තුවාල වේදනාවට නිදාගෙන හිටපු ආසි නැගිටල බැලුවෙ තවමත් හොදට කටත් ඇරන් නිදන් ඉන්න සූර් දිහා..ඉන්නෙ කොහෙද කාත් එක්කද ඉන්නෙ කියලවත් මෙලෝ ගානක් නැති සූර් කොට්ටයක් පපුවට තුරුල් කරන් හීන දැක දැක තනියම හිනා වෙන හැටි බලන් හිටපු ආසි එයාට නිදාගන්න ඉඩ දීල ඇඳෙන් බැහැල එලියට ගියෙ ආර්යාව හම්බ වෙන්න කියල හිතාගෙන..

දොර කොඩම තියන පුටුවක ඉදන් හිටපු ආර්ය වගේම තව ගෝල බාල දෙතුන් දෙනෙක් ආසි එද්දි හිටියෙ බර කතාවක වැටිල..ඒත් ආසි ආපු ගමන් ඔක්කොමල කට වහගෙන ඉන්න තැන් වලින් නැගිට්ටෙ කොච්චර ඇග පතින් සයිස් උනත් හැමෝම ආසිට බය නිසා..

ඊයෙ ආපු උන් රාජුගෙ ගැන්සිය නේ..

ඔව් අන්නා..උන්ගෙ එකෙක් අපේ බාරෙ දැන් ඉන්නෙ.. මොකද්ද වෙන්න ඕන..

ආසිගෙ ප්‍රශ්න වලට උත්තර දුන්නෙ ආර්යා..කාට කොහොම චරිතයක් උනත් ආර්යා කියන්නෙ ආසිගෙ එකම තම්බි.. ඉතින් ආසිගෙ හැම වැඩකම මූලිකත්වය අරන් තියෙන්නෙත් ආර්යාම තමයි.. මොකද ආසි තමන්ටත් වඩා විශ්වාස කරන්නෙ ආර්යාව නිසා කිසිම රහසක් ආසි ආර්යාගෙන් හංගලත් නෑ හංගන්නෙත් නෑ..

අපේ පොට් එකේ ඌව තියාගන්න දැනට..තව දවස් දෙකකින් මම ඌ ගැන තීරණයක් ගන්නම්..

හරි..අන්නා..

සුසුමක් හෙලපු ආසි ගෙට යන්න ගිහිල්ලත් ආයෙ ආර්යගෙ පැත්ත හැරුනෙ දෙයක් මතක් වෙලා ඒ ගැන අහන්න..

අර කොල්ලගෙ නම හොයා ගත්තද..?

ඔව්..එයාගෙ නම අයාන් සූර් වාසුදේවන්..

හ්ම්..සූර් ලස්සනයි ඒ නම..

මොකද්ද..අන්නා...

නෑ...මම මේ කිව්වෙ ගිහින් අපිට කන්න කෑම ගේන්න කියල ..

හා..හරි අන්නා..

තමන්ගෙ කටින් පිට උන වචනෙ ආර්යාට ඇහුන කියල හිතපු ආසි කලබල වෙලා වගේ හැසිරෙන විදිහ බලල ගෝල බාලයො ටික මූණට මූණ බලා ගත්තෙ ආසිගෙ වෙනස් හැසිරීම දැකල හිතා ගන්න බැරුව..

මොනවද අයියෙ ගේන්න ඕන..

බිරියානි දෙකක් ගෙනෙන්..උබලත් මොනා හරි අරගෙන කාපල්ලා..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now