04 කොටස ✴️

1.4K 339 88
                                    

තමුසෙ දන්නවනේ මම කවුද කියල ම්ම්ම්.....

මගෙ කනට බර වෙලා රහසින් වගේ එයා කියපු දේට මට කෙල ගුලියකුත් ගිලුන.. මොකද ඒක එයා කිව්වෙ මගෙ බෙල්ලට පිහිය තියාගෙන නිසා..

ම...මම....දන්නවා.. අනේ..ඔයාව..මන් ඔයාට සබන් ඇති තරම් ගෙනත් දෙන්නම්.. නිකන් සබන් කෑල්ලකට මනුස්සයෙක් මරන්න එපා ඉතින්...

මගෙ බෙල්ල බේර ගන්න මම කටට එන එන දේ කියද්දි.. එයා මන් දිහා බලාන ඉදල පිහි තුඩට ඇඟිල්ල තියල තුවාල කර ගනිද්දිම එයා අනිත් අතින් මට එලියට යන්න කියල ඉගි කරේ මන් දිහා එක බැල්මක්වත් නොදී.. ඉතින් මම පස්ස නොබල එලියට දිව්වෙ එයාගෙ ඇඟිල්ලෙන් ගලපු ලේ දැකල මගෙ හිතම බයෙන් වෙලුන නිසා..

අන්නා.. මොකද මේ හති අරින්නෙ..

ෆුහ්..අනූ නමයෙන් දශම නමයයි නමයෙන් බේරිල ආවෙ අර විල්ලන්ගෙන්..

එක පිම්මටම මම දුවන් ආවෙ තම්බි ගාවට.. මම නැවිල දණිස් දෙක අල්ලන් හති අරින නිසාම තම්බි මන් දිහා තුශ්නිම්භූත වෙලා වගේ බලන් ඉද්දි.. මම හීනියට හිනාවක් දීල එයාගෙ අතින් කුණු බෑග් දෙක අරගෙන ඉස්සර උනා..

තම්බි එක්කම කුණු ටික කන්දට දාල.. වැනි වැනි පාර දිගේ අපි දෙන්න එක්ක එද්දි.. එක පාරටම තම්බි බ්‍රේක් ගැහුව පාරට තව පොඩ්ඩෙන් මගෙ නහය ගිහින් වදිනව එයාගෙ පිටේ..

මොකද මෝඩයො නතර උනේ..

අන්නා...අර...

නිකන් යකෙක් දැකල වගේ තම්බි උඩ බලාගෙන අර ගාද්දි.. මමත් ඒ පැත්ත දිහා බැලුවෙ මේ කොල්ල පියාඹන පීරිසියක්වත් දැකලද මේ ඇස් දෙකත් ලොකු කරන් ඉන්නෙ කියල .. හැබැයි එහෙම නෙමේ... මගෙ ඇස් ඉස්සරහම දැක්ක දෙයින් කකුල් දෙකත් පන නැති උනා වගේ දැනුනෙ..

තම්බි බලන් හිටියෙ ආසිගෙ ගේ දිහා..ආසි ජනේලෙ ලග හිටගෙන හිටියෙ හැබැයි නිකන් නෙමේ.. තව මිනිහෙක්ව ජනේලෙන් පල්ලෙහාට තල්ලු කරන්න බලාගෙන.. අනිත් අතේ දැති දැති තියන පිහියක් අතේ තියන් ආසි යක්ස මූණක් දාගෙන ඉන්න හැටි ගමේ මිනිස්සුත් බලාන ඉන්නෙ ශෝ එකක් බලනව වගේ..

ඒ මනුස්සයව මරයිද අන්නා.....

ද...දන් නෑ අමිත්....

ආසි 💣 ( ✔️ )Där berättelser lever. Upptäck nu