23 කොටස ✴️

1.2K 294 36
                                    


තම්බි....තම්බි.....

අහ්...

කන ලගින්ම ඇහුන හුරු පුරුදු හඬට ගැස්සිලා ගිය මම ඇස් ඇරල බැලුවෙ මගෙ ලග හිටපු කෙනා දිහා..

ඒක හීනයක්ද.....?

මන් දිහා හොල්මනක් දැකල වගේ ආර්යා බලන් ඉන්න හැටි බලාගෙන මම කල්පනා කරේ හීනෙන් දැක්ක කුනුහරප හීනෙ ගැන..

ආසිව මම කිස් කරත් එක්ක...

හීනෙ අන්තිම මම දැක්කෙ ආසිව කිස් කරන එක වෙද්දි එයා ගැන මගෙ හිතේ ආදරයක් නැත්තම් ඇයි මම එහෙම හීනයක් දැක්කෙ කියන එක ගැන මටම පුදුමයි...

මොකද මේ බය වෙලා වගේ...

අහ් එහෙම නෑ.. ඒත් ඇයි මේ හිස් අතින් ඇවිල්ල.. කෝ කෑම මට..

කෑම කන්න කලින් එන්න යන්න මන් එක්ක..ආසි අන්නා ඔයාව එක්කරන් එන්න කිව්වා...

හීනෙන් ආසි ආවට දැන් ඇත්තටම ආසි මෙහෙ ඇවිත් කියල ඇහුවම නම් මට ඇඬෙන්න ආවා.. අනේ එයා මාව මරල දායිද දන් නෑ තියෙන කේන්තියට..එහෙම නැත්තම් අර හීනෙ වගේ මාව කිස් කරයිද...

එයා ඇවිත්ද ඉන්නෙ...

ඔව් දැන් ටිකකට කලින් ආවෙ..

එයා දැන් ඉන්නෙ මොන වගේ මූඩ් එහෙකද දන්නෙ නැති නිසා මම ඇත්තටම හිටියෙ බය වෙලා.. එයා මට එදා කිව්වෙ මම එයා කරන්න එපා කිව්ව දේ කරල තිබ්බොත් මාව මරල දානවා කියල.. ඉතින් මම එයා කියන දේ නාහ ඊයෙ කරේ අන්තිම නරක දෙයක් වෙද්දි අද මේ මනුස්සය මගෙ කෑලිවත් ඉතුරු කරයිද කියන එක නම් සැකයි..

හ්ම්..එයා කේන්තියෙන් ද ඉන්නෙ මන් එක්ක....

මට එහෙම එකක් නම් පවුනෙ නෑ.. ඒත් අපි පල්ලෙහාට යන්න පරක්කු උනොත් නම් එයාට යකා නගී...

එහෙමද..එහෙනම් යමු ඉක්මනට..

මගෙ ඇගේ හිරිගඩු පිපෙන විදිහට ආසිගෙ ප්‍රතිරූපෙ මවපු ආර්යා එක්ක  යන්න එකග උන මම එයා පිටි පස්සෙන් පල්ලෙහාට යන්න ගත්තෙ බිම බලාගෙන..

සීතල ටයිල් පොළොවට මගෙ රෝස පාට චූටි කකුල් තියල කාමරෙන් එලියට ආපු මම ටිකක් ඔලුව උස්සල බලල ආයෙත් බිමට ඔලුව නවාගෙන පඩිපෙල බහින්න ගත්තා..හාවක් හූවක් නෑහෙන තරමට නිශ්ශබ්ද ගේ ඇතුලෙ මට දැනුනෙ මම හුස්ම ගන්න සද්දෙ විතරක් උනා.. ආර්යාගෙ කකුල් දෙක දිහා බලාගෙන ගිය මම එක තැන නතර උනේ එයා එක පාරට මගෙ ඉස්සරහින් අතුරු දහන් වෙච්ච නිසා..

ආසි 💣 ( ✔️ )Donde viven las historias. Descúbrelo ahora