03 කොටස ✴️

1.6K 337 72
                                    


අනුන්ගෙ සබන් අරගෙන නාන එක හරි නෑනේද...?

කඩවුලේ විලෙ ලැජ්ජාවයි කිව්වලු.. ගෙදරින් සබන් කැටේ ගේන්න තිබ්බ කම්මැලි කමට මම ටැප් එක ලග තිබ්බ සබන් කැටේ යූස් කරේ හිතන්නෙ බලන්නෙ නැතුව.. අන්තිමට මේ මිනිහ මන් ලගට ඇවිත් මගේ අතේ තිබ්බ සබන් කැටේ අරගෙන කියපු දේට මෙච්චර වෙලා මම ඇදන් හිටපු කලිසම බිමට ඇදල දැම්ම වගේ හැඟීමක් දැනුනෙ..

තමුන්...

අනුන්ගෙ පෞද්ගලික දේවල් ඔහොම හොරෙන්ම ගන්න තමුන්ට ලැජ්ජවක් නැද්ද ඇත්තටම..

මෙච්චර වෙලා වතුර මල යට හිටපු මම ශවර් එක වහල දාල කට හදාගෙන ලෑස්ති උනේ එයාට දෙකක් කියන්න කියල...ඒත්.........

ආසි...

අහ්..

කෝල් එකක්..

හ්ම්..

මෙච්චර වෙලා එතකොට මම මේ කෑ ගහල තියෙන්නෙ මේ ඒරියා එක බාරව ඉන්න පාතාලෙ ආසිටද.. කඩවුලේ සූර් උබ තව පොඩ්ඩෙන් කට වරද්දගෙන මුලු පවුලත් නැති කරන් උබවත් මේ මහ පොළොවට පස් කරගන්නවනෙ..

කළු දඩාර පිරිමියෙක් ඇවිත් ආසි කියන මනුස්සයගෙ අතට ගඩොල් බෑවක් වගේ සයිස් ෆෝන් එක දෙද්දි.. එයා ඒක කනේ ගහ ගත්තෙත් මන් දිහා බලාගෙන.

ඌව ඉවරයක් කරාද..?

...........................

හරි...උගෙ ඔලුව එතනම වළල දාල වරෙන්..

ඒක නම් එයා කිව්වෙ මගෙ ඇස් දිහා බලාගෙන.. එතකොටම වගේ මගෙ අත් දෙක බෙල්ලට යද්දි...එයා කට කොනින් හිනා වේගෙන අඩි දහයක් විතර ඈතට ගියෙ ෆෝන් එක කනේ ගහගෙනමයි..

සූර් තවත් මෙතන ඉන්නෙ නැතුව දුවපන් පුතේ.. නැත්තම් ඉතින් මේ රැවුල් වලා උබෙ බෙල්ලත් ගලෝල ශවර් එකේ එල්ලලා ප්‍රදර්ශනය කරයි..

එයා පස්ස හරවන් හිටපු නිසාම මම වතුර බේරි බේරිම ගේ දිහාට දිව්වෙ ආයෙ හැරිල බලන්නෙවත් නැතිව..

කොහෙ බලන්ද ළමයො යන්නෙ..

පාට්ටිනෙ උඩ බලාගෙන ආවෙ..

ආපු වේගෙට මාව ගිහින් පාට්ටිගෙ ඇගේ වදිද්දි.. තව පොඩ්ඩෙන් ඒ මනුස්සය වැටිල මෙතන උදේ පාන්දරම අවමගුලක් තමා වෙන්නෙ..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now