14 කොටස✴️

1.3K 304 29
                                    

එයා මට අදත් වෝනින් එකක් දීල යන්න යද්දි.. මම එයාගෙ පැත්තට දිව ඇදල මගෙ පාඩුවෙ නාගෙන කරගෙන ගෙට ඇවිත් බැලුවෙ දැන්වත් වතුර එනවද කියල..

පුහ්..අතන මම අරූ එක්ක මරාගෙන නා ගත්තයින් පස්සෙ තමයි මෙහෙන් වතුරත් එන්නෙ...කම්ප්ලේන් එකක් දාන්නම ඕන ඔය කාලකන්නි ජල මණ්ඩලයට..

බැන බැනම මම කාමරේට ඇවිත් ඉක්මනට ඇඳුමක් දාගෙන කන්න තියන දෙයක් කාල දොර ජනෙල් සේරම වහල දාල මල් පෝච්චිය යටින් ගෙයි යතුර තියල ගේට් එකත් වහන් එලියට බැස්සෙ දෙයියො එහෙම සිහි කරන්.. පාර තොටේදි කිසිම කරදරයක් හිරි හැරයක් මට වෙන්න එපා කියල...

අහ්...හ්ම්ම්...

අපෙ ගේ කිට්ටුවම ප්‍රෙග්නට් අම්ම කෙනෙක් බඩත් අල්ලන් කෙදිරි ගාගෙන මන් ඉන්න පැත්තට එද්දි.. මම ඉක්මනට ඒ අම්ම ලගට ගිහින් අතින් අල්ල ගත්තෙ එයා ඇදගෙන වැටෙයි කියල හිතල..

අක්ක ඔයාට අමාරුද...?

ම්හ්ම්...මගෙ කො..න්ද....ම්හ්..

හයියෝ...ඔයාගෙ...වෝටර් බෑග් එක කැඩිල නේද...

මම ඔලුවෙ අත ගහ ගත්තෙ එයාගෙ කකුල් දෙක දිගේම වතුර ගලන්න ගත්ත නිසා.. මම කාගෙන් හරි උදව් ගන්න කියල පාර දෙපැත්තම බැලුවත්.. කවුරුත් පේන්න නැති කොට නම් මට හීන් දාඩිය දාල තිබ්බෙ..

අහ්...අ..නේ...මට...අමාරුයි...

පොඩ්ඩක්..ඉන්න..මම වාහනයක් ඉක්මනට ගේන්නම්..

මම ඒ අම්මව එතනම බිම කන්ඩිය උඩ  ඉන්දෙව්වම.. එයා කෙදිරි ගාගෙන දගලන්න ගද්දි.. මම හිටියෙ හොදටම බය වෙලා වට පිට බල බල ඉදල බැරිම තැන පාරට යන්න හදද්දිම.. අපේ ලගින්ම ජීප් එකක් ඇවිත් නැවැත්තුවෙ.. වාහනේ අයිතිකාරයාව මට අදුරගන්න මහ ලොකු වෙලාවක් නොයද්දිමයි...

 වාහනේ අයිතිකාරයාව මට අදුරගන්න මහ ලොකු වෙලාවක් නොයද්දිමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආසි 💣 ( ✔️ )Where stories live. Discover now