හිරන්‍ය හොඳටම බයවෙලා දුලක්ෂිත ගාවම හිටියා. දුලක්ෂිත එයාගෙ අත අල්ලගත්තා මොනවත් වෙන්න කලින්
" මොනවද මේ වෙන්නේ?"
" හොල්මන් ඇවිස්සිලා"
" මෙහෙ හොල්මන් ඉන්නවද?"
" ඔව්"
" ඇයි තමුසෙ මට ඒක කලින් කිව්වෙ නැත්තෙ"
" උඹ ට කියන්න තරම් මට උඹව විශ්වාස කරේ නෑ. තේරුම් ගනින්"
" හරි එහෙනම්. කමක් නෑ"
එයාලා කතාවෙද්දි හොල්මන් එක එක සද්ද දාන ගමන් හිටියේ. කළුකුමාරයා ට නම් තාම දුක දරාගන්න බැරුව තිබ්බා
දුලක්ෂිත ට අරයට හැමදේම කියන්න ඕන වුණත් ඒක ට වෙලාව නෙමෙයි කියලා හිතාගෙන කටවහගෙන ඒ වෙලාවෙ විදිහට වැඩේ කරන්න ගත්තා
හිරන්‍ය ටත් තේරුණා දුලක්ෂිත එයාගෙ න් ලොකු දෙයක් හංගනවා කියලා. ඒත් එයත් බය වෙලයි හිටියේ.
බිත්ති වල තැන් තැන් වලින් ලේ එන්න ගත්තා. සමහර තැන් වල අත් පාරවල් තිබ්බා තනිකරම ලේ වලින් පිරිච්ච
එයා ට එතකොට හිතුණා අර වෙලාවෙ කෑගහනවා වගේ නෙවෙයි හොල්මන් දැක්කම බය හිතෙද්දි කටේ වචනත් හිස් වෙනවා කියලා. එයාගෙ සංවේදී ගති අවසනාවන්ත විදිහට මතුවෙලත් එක්කනෙ තිබ්බේ
" ඇ...යි මේ හැ..මතැනම ලේ"
" මම දන්නෑ"
" ඔයාට බය නැද්ද?"
" බයයි. උඹ ඉන්නකොට බය පෙන්නන්න පුළුවන් ද?"
" මට බොරු කරන්න එපා. "
" මම ඔහෙට වෛර කරනවා."
" කමක් නෑ. මාව සැක ඇති කියලා තේරෙනවා. ඒත් මම එහෙම කෙනෙක් නෙමෙයි. දිවුරනවා"
" ඒ එක පැත්තක් තව පැත්තකින් කැමතියි. මට තේරෙන්නෑ මොන රෙද්දක්ද මේක"
" මෙච්චර හොල්මන් ඉද්දි උඹට ලව් talk පහල වෙනවද? වෙන වෙලාවට ගල් පිළිමෙ වගේ මීක් සද්දයක් නැති හරකනෙ මේ"
" හරකා? කවුද යකෝ හරකා. එතකොට තෝ එළදෙනද?"
" වෙන්නැති.හැබැයි මට ඒ නමින් අපහාස කරන්න එපා "
أنت تقرأ
අවතාර එළි (Bl nonfiction)
غير روائيආදරේකට භයානක බලවේග වලින් බේරගන්න පුළුවන් ද? කට කතාවල එන හැම අවතාරයක්ම හොල්මනක් ම ඇත්තටම කරදර කළත් ඒකත් සමාජෙකින් ගරහන ආදරයක් වුණොත් ඒ දෙන්නගෙ ආදරේ මොනවගේ වෙයිද?