03 වලව්වෙ හොල්මන්

98 17 133
                                    


දුලක්ෂිත කෑගැහුවෙ නැති වුණාට හොඳටම බයවුණා. එයා ඇති යන්තම්  කියාගත්තේ කොමඩ් එකේ හිටියනම් එයාගෙ චූ කරන පද්ධතියට ගෞරවයෙන් අඹසරණයි වෙන හින්දා

එයා ලේ තිබ්බ ටවල් එකෙන් ඇඟ වහගෙන එළියට ගිහින්..

" සීයේ..."

" ඇයි පුතේ?

හාන්සි පුටුවට වෙලා පත්තරේ බල බල හිටපු සීයා කොල්ලා බයවෙලා තියෙන්නෙ මොකටද කියලා බැලුවා

" Bathroom එකේ ලේ...

" මොකක්? උඹට හීනයක් පෙනුනද කොල්ලෝ

" මම ඇත්තටමයි කියන්නෙ සීයේ. කොමඩ් එකෙන් මොකක්දෝ අතකුත් ආවා"

දුලක්ෂිත සීය ව bathroom එකටම එක්කගෙන ගිහින් වෙලා තියෙන දේ පෙන්නුවා

සීයා එතනම  ටික වෙලාවකට ගල් වුණා වෙච්ච දේ තේරිලා වගේ. දුලක්ෂිත සීයව ඇදගෙන ගියා එතනින් හාන්සි පුටුවටම

දුලක්ෂිත සීය ට මොකද වුණේ කියලා බැලුවා. එයාට බයටත් වැඩිය මොන මඟුලක් ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ.

" උන් ආපහු ඇවිත්... පුතා... උන් ආපහු ඇවිත් අපේ වලව්වට.."

" මොක්කුද සීයේ"

" යක්කු ජාතියක්. උන් හරිම භයානකයි. උන් මම පොඩි කාලෙ හිටියේ. මටත් උඹට වෙච්ච ඇබැද්දිය ම වුණා"

" ඇයි සීයේ උන් ආපහු ආවේ"

" ආදර කතාවක් පටන්ගන්න හින්දා උන්ට දරාගන්න අමාරුයි ඒක. එහෙම දෙයක් මගෙ  කිරි මුත්තගෙ කාලෙත් වුණා. "

"  ඉතින් උන්ට තියෙන රුදාව මොකක්ද? මිනිස්සු සම්බන්ධයක් හදාගත්තත් නැතත්"

" මම දන්නෑ කොල්ලෝ. උන් ට ගැළපෙන්නෙ නැත්තම් දෛවෙන්  හම්බෙන්න තියෙන සම්බන්ධෙ නවත්තන්න උන් ඕනම දෙයක් කරනවා "

" ඒක මොනවගේ සම්බන්ධයක් ද? ඇත්තටම මේ යක්කුන්ට තියෙන ලෙඩේ මොකක්ද?"

" යකෙක්  විතරක් නෙවෙයි බෝදිලිමා ආවද දන්නෙත් නෑ.".

" වත්තෙ නම් කටුස්සො ගොඩක් හිටියා"

දුලක්ෂිත මුකුත්ම තේරෙන්නේ නැතුව කිව්වා..වෙනදා කාචවත් බය නැතුව ගැම්මෙන් හිටපු සීයා  එයාගෙ කතාවට ඇකිළිලා ගියපු විදිහ තේරුම් ගන්න බැරුව හිටියේ.

අවතාර එළි   (Bl nonfiction)Where stories live. Discover now