"නිර්නාමික-3"

Start from the beginning
                                    

තුහින හිත හදාගෙන ආධිල්ගෙ වැඩ වලට ෆුල් සප් එක දුන්නා ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවීම . ආධිල් පවා හරි ආසාවෙන් තුහින එක්ක පුරුදු උණේ . ඉදලා හිටලා මේ සති දෙක ඇතුළත අශ්වින් බාල්දි පෙරළුවත් තුහින ඒවා වැඩිය ගනන් නොගත්තෙ ආධිල් ගැන හිතලමයි . අකමැත්තෙන් උනත් තුහිනට පිළිගන්න උණා අශ්වින් කියන්නෙ දැන් ආධිල් ආදරය කරන කෙනා .

තුහින : උඹ ලෑස්ති නේද ආධිල් ?

ආධිල් : අහ් ඔව් ඔව් ලෑස්තී . අම්බේ යකෝ ඒක තමයි මං ප්‍රැක්ටිස් කරපු අමාරුම සෝන්ග් එක . තෝ අණ්ඩර දෙමලයක්නෙ තේරුවේ .

තුහින : තෝ ඒකවත් නොකියා ඉන්නනෙ හැදුවෙ .

ආධිල් : ම්ම්.... උඹ එනවා නේද ශුවර් එකටම .

තුහින : මං නාවත් උඹේ ප්‍රේමවන්තයා එන්නෙ නැතැයි

උදේ ලෙක්චර්ස් පටන් ගන්නකන් ඉන්න අතර තුර ආධිල් අහපු ප්‍රශ්නෙකට තුහින උත්තර දුන්නෙ නෝන්ඩි හිනාවක් එක්ක .

ආධිල් : කොහෙන් ගියත් අශ්වින් ඇදලා ගන්නවනෙ උඹ .

තුහින : ඒක නෙවෙයි . උඹ උගෙ මොනවටද කැමති...?

ආධිල් : අනේ කටවහන් හිටපම් බල්ලො.... මොනවද තෝ මේ අහන්නෙ .

තුහින : ඇයි ඉතින්.... උට වෙනස් එකක්ද තියෙන්නෙ කියලා දන්නැති නිසා ඇහුවෙ

ආධිල් : උඹට ඊරිසියාව නේද ?

තුහින : කැහ් කැහ් තුහ් නොදකින් . උගෙ මොනවට ඊරිසියා වෙන්නද ?

ආධිල් : නෑ ඉතිම් . මං උඹේ යාළුවනෙ...

තුහින : කවුද දන්නෑ කිව්වෙ පරයට... 😂

ආධිල් : ආ ආ.... ආ.... ඕම යමන්කො මල්ලේ.... 😒

තුහින : හා හා අන්න තොගෙ මොකාද එකා එනවා . මෙතෙන්නට වද්ද ගන්නැතුව මගින්ම හරවගෙන පලයා.....ම් . දුප්....

ආධිල්ව පන්නපු තුහින ඉදපු තැනම තිබ්බ ලොකුම ලොකු පිහිඹියා ගහට හේත්තු උණේ අත් දෙකත් බැදගෙන . තමන්ටත් සමු දීලා ඈත එන අශ්වින් දිහාට දුවගෙන යන ආධිල් දිහා තුහින බලාගෙන ඉදියෙ හරිම සන්සුන් විදියට . ආධිල් අශ්වින් ළගට දුවගෙන ගියපු විදියත් ආධිල් එක්ක කතා කරන විදියත් එයාලා හිනා වෙන විදියත් අශ්වින් සැරෙන් සැරේ ආධිල්ගෙ කොණ්ඩෙ අවුස්සන විදියත් දිහා තුහින බලාගෙන ඉදියෙ මොකද්දෝ හැගීමකින් . ඒක දුකක්ද ? නෑ . දුකක් නම් ඇයි තුහිනගෙ මූණෙ පුංචි හිනාවක් තිබ්බෙ.... තුහිනගෙ ලා දුඹුරු පාට ඇස් වල පවා ඒ හිනාව ඇදිලා තිබ්බා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now