"නිර්නාමික-2"

Beginne am Anfang
                                    

ආධිල් : ආ.... ඒ මොකද්ද බං ඒ....?

තුහින : අම්.... බිස්නස් වැඩක් බං...

ඊයෙ අශ්වින් පෙන්නපු ෆොටෝ එකත් එක්ක ආදිල් ඉදියෙ හිතේ නොසන්සුන් කමකින් . ඒ ඇයි කියන්නවත් එයා දැන ගෙන ඉදියෙ නෑ . එයාට හිතුණෙ තුහින එයාව මග අරිනවදෝ කියලා හැගීමක් . ඒක හරි වෙනස් . ඒ හැගීමට ආධිල් බයයි . ඔව්.... ආධිල් ගොඩක් බයයි.  ඒ නිසාමයි අදවත් තුහින ඒවි කියලා ආධිල් කලින්ම කැම්පස් එකට ආවෙ . එහෙම වෙලත් තුහින ආධිල්ට කිව්ව බොරුව ගැන ආධිල් පසු තැවුණා . ඇයි තුහින ආධිල්ට බොරු කියන්නෙ . කවදාවත් නැති විදියට.....? ආධිල් ට තිබ්බෙ එකම ප්‍රශ්නෙ තමයි ඒක....

ආධිල් : අහ්... තාත්තගෙ වැඩක්ද ?

තුහින : ආ ඔව් ඔව් තාත්තගෙ වැඩක් ආධිල් . මොක්ද උඹ මේ රහස් පොලිසිය වගේ ප්‍රශ්න කරන්නෙ....?

ආධිල් : අනේ නෑ බං.... පිස්සුද උඹට... ඒක නෙවෙයි . ඇනුවල් කොන්සට් එකට~

තුහින : මං එනවා . උඹ perform කරනවද ?

ආධිල් : අනේ නෑ බං.... මට මේ ටිකේ වැඩ වැඩී.... ඒ නිසා බෑ කියලා හිතුනා....

තුහින : ඒත් උඹේ ටැලන්ට් එක නාස්ති වෙනවා ආධිල්....

ආධිල් : ඒත් අශ්වින් කිව්වෙ~

තුහින : ඌ මොකද්ද කිව්වෙ ?

ආධිල් : අහ් නෑ.... ලබන සැරේ කරමු කිව්වා .

තුහින : හහ්.... තෝ ජීවිත් වෙන්නෙ උට ඕන දේ කරගෙනද මිනිහො ???

ආධිල් : ඒත් බං මං ?

තුහින : හහ්.... මටයි බං ලැජ්ජ නැත්තෙ . ශිට්... ඕක ගැන ආපහු උබ කතා නොකරනවනම් හොදයි ආධිල් .

ආධිල් : යා.... උඹටත් තේරෙයි ආදරේ කරද්දි...

තුහින : මට හොදට තේරෙනවා ආධිල් . හැම දේම ....

ආධිල් : හහ්.... කියපන්කො බලන්න උඹ එහෙනම්.

තුහින : උඹ මට ආදරේ කරානම් මං උඹව මේම හිර කරන්නෙ නෑ.... ප්ලීස් දැන් ඔතනින් නැවතියං....

එහෙම කියපු තුහින එතනින් යන්න ගියේ ආදිල් ඒ කිව්ව කතාවෙ තේරුම හොයන්න මොළේට වද දෙන කොට . තුහින එන්න කියපු නිසාම ආධිල් තුහින එක්ක ඉස්සරහට යන එක නවත්තලා තුහිනට යන්න ඉඩ දුන්නෙ එයාට වදයක් නොවෙන්න ඕන උණ නිසා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Wo Geschichten leben. Entdecke jetzt