"නිර්නාමික-2"

Start from the beginning
                                    

පළවෙනි ලෙක්චර් එක ඉවර වෙලා ආධිල් කෙලින්ම ගියේ Engineer faculty එක පැත්තට . වෙනදා තුහින ඉන්න අහළ පහළ හොදට බලපු ආධිල් ෆෝන් එක අරං ආපහු තුහිනට කෝල් එකක් ගත්තෙ මේ සැරේ එයා ආන්සර් කරාවි කියලා හිතා ගෙන . ඒත් ඔය අතරෙ තමයි අශ්වින් ඔතෙනට කඩං පාත් උණේ.

අශ්වින් : ඒයි... බබා !

ආධිල් : ශ් ශ්.... කෑ ගහන්න එපා අශ්වින් . මෙතන ළමයි ඉන්නවා.... උන්ට ඇහුනොත් අපිට කැළෑ පත්තරත් වැදේවි ...

අශ්වින් : ඕක මහ දෙයක්ද බබා....

ආධිල් : කිව්වහම අහන්න අශ්වින් . තවත් මාව අවුල් කරන්න එපා....

අශ්වින් : ඔයාගෙ මූඩ් එක අද හොදනෑ වගේ ආධිල් . මොකද්ද ප්‍රශ්නෙ ?

ආධිල් : තුහින කෝල්ස් ආන්සර් කරන්නෑනෙ . ඌ කැම්පස් එන්නෙ නැත්නම් මට කියනවා අශ්වින් . ඒත් අනේ මංදා....

අශ්වින් : ඇයි ඔයා එයා පස්සෙන් ගාටන්නෙ....? මට නම් මෙතන යාළුකමක් වගේ පේන්නෙ නෑ . ඔයාට විතරයි මේ යාළුකම ඕනෙ ආධිල්.... මේ බලන්න....

ආධිල් : ඔයා මොකද්ද කියන්නෙ අශ්වින් . එයා එහෙම~ මේ තුහිනනෙ....

අශ්වින් : ඔව්.... ඌ තමයි . ඔයාගෙ මහ ලොකු යාළු පරාණේ. බලන්නකො උට වෙන යාළුවොත් ඉන්නවද ?

ආධිල් : මොකද්ද අශ්වින් ! ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ ? මේ ඉන්නෙ මාත් දන්න කෙනෙක් ! මේ ශෙවොන්.... ශෙවොන් ශදිල් සමරවික්‍රම .

අශ්වින් : සෝ.... ඒ දෙන්නත් අපි දෙන්නා වගේද ?

ආධිල් : මං හිතන්නෙ නෑ අශ්වින් . මොකද තුහින ශෙවොන් කියන්නෙ මහ අමුතුම බැදීමක් තියෙන දෙන්නෙක් ....

අශ්වින් : ඒ කියන්නෙ ඔයාටත් වඩා උට ඒ ශෙවොන් කියන එකාව වටිනවද ?

ආධිල් : අපි කන්න යමු අශ්වින් . මට හරි බඩගිනී....

කතාව මග ඇරපු ආධිල් අශ්වින්වත් ඉස්සර කරගෙන කැන්ටින් එක දිහාට යන්න ගියේ අශ්විනුත් ආධිල් පස්සෙන් කැන්ටින් එක පැත්තට එන කොට .

පසුවදා~

ආධිල් : ආහ් තුහින....! උඹ ඊයෙ~

තුහින : අහ් ඔව් බං.... මං... මට වැඩක් තිබ්බා...

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now