20 (Final Chapter)

144 22 34
                                    

Few years later...💜️

අද දෙසැම්බර් 24 වෙනිදා.... ජිමින්ගෙයි යූන්ගිගෙයි හත්වෙනි ඇනිවසරි එක..

ඒත් ඒක ගැන නම් යූන්ගිට ගාණක්වත් නෑ වගේ.

වෙනදට ඇනිවසරි එක දවසට පාන්දරම නැඟිටලා මොනවමහරි තෑග්ගක් දෙන යූන්ගි අදනම් උදේ හත වෙනකොටත් ජිමින්ට හොඳහැටි තුරුල්වෙලා නිදි.

ඈතින් පල්ලියේ සීනු හඬ ඇහෙද්දි හෙමිහිට ඇස් ඇරපු ජිමින් මුලින්ම දැක්කේ එයාට තුරුල් වෙලා හොඳට නිදාගෙන හිටපු යූන්ගි.

යූන්ගි තොලුත් උල් කරන් නිදාගෙන ඉන්න හුරතලේ දැක්කම ජිමින්ට එයාව නැඟිට්ටවන්න හිතුණෙත් නෑ.

ඇයි ඉතින් එයාට යූන්ගිගේ හුරතල් බලන්න පුළුවන් මේ වගේ එයා නිදි වෙලාවට විතරයිනේ.

මොකද අනිත් හැම වෙලාවෙම එයානෙ යූන්ගිත් එක්ක හුරතල් වෙන්නේ.

"කෝ කෝ... ඇහැරෙන්නයි කිව්වේ පිස්සු පූසා!! දැන් නැඟිටින්නැද්ද...? උදේ වෙලා හලෝ"

ජිමින් යූන්ගිගේ කන ළඟට කරලා එහෙම කිව්වේ එයාට කිති කවන ගමන්.

"අනේ තව විනාඩි පහයි...."

යූන්ගි නිදිමතේම එහෙම කියන ගමන් ජිමින්ගේ පපුවට එයාගෙ මූණ තද කරගත්තා.

"හහ්! දැන් මෙතන හරිනම් නිදාගන්න ඕනි මමනෙ! ඇයි දෙයියනේ රෑ තිස්සෙ මට දස වද දීලා! දැන් මෙතන බොරුවට හුරතලේ!"

තමන්ටම එහෙම මුමුණන ගමන් ජිමින් ඇඳෙන් නැඟිට්ටේ යූන්ගිට කන්න මොනවහරි හදන්න.

ජිමින් ඒ විදියට යූන්ගිට කෑම හදන අතරේ යූන්ගිත් හෙමිහිට නැඟිටලා ජිමින් කෑම හදන තැනට ආවා.

"ගුඩ් මෝනින් මගේ කොටෝ"

යූන්ගිට මේ ලෝකේ තියෙන ආදරණීයම වචනේ තමා කොටා කියන්නේ. මොකද ඉතින් එයාට ඉන්න ආදරණීයම කෙනත් කොටයිනේ.

"දැන්ද නැඟිට්ටේ ලොකු මහත්තයා?? කෝ කෝ ගිහින් මූණ කට හෝදන් එන්න... අපෝ ගඳ... දුප්!"

ජිමින් බොරුවටත් එක්ක රඟපාන ගමන් එහෙම කියලා යූන්ගිගේ මූණට වතුර ටිකකුත් ඉස්සේ යූන්ගි එයාගෙ ඇහිබැමකුත් උස්සලා ජිමින් දිහා බලද්දි.

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now